Wednesday, May 27, 2015

පාර්ලිමේන්තුවේ හදිසි සැසිවාරයක්

පාර්ලිමේන්තුවේ හදිසි සැසිවාරයක්


පාර්ලිමේන්තුවේ හදිසි සැසි වාරයක් ජුනි මස 03 වැනිදා කැඳවීමට කථානායක චමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ව්‍යවස්ථාදායක සභාවට පත් කළ සිවිල් නිලධාරීන් තිදෙනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා මෙම හදිසි සැසිවාරය කැඳවීමට තීරණය කළ බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනකුගෙන් සහ සිවිල් ක්‍රියාකාරීන් තුන්දෙනකුගෙන් සමන්විත වේ.
හදිසි අවශ්‍යතාවක් ලෙස පාර්ලිමේන්තුව රැස්කර මෙම සිවිල් ක්‍රියාකාරීන් තිදෙනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට තීරණය කළ බවද නියෝජ්‍ය කථානායකවරයා කීවේය.
සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ජුනි මස 09 වැනිදා වන අතර ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම එතරම් කාලයක් ප්‍රමාද කිරීමට නොහැකි බැවින් ජුනි මස 03 වැනිදා මෙම හදිසි සැසිවාරය ඊට පෙර කැඳවීමට තීරණය වී තිබේ.
රුචිර දිලාන් මධුසංඛ

No comments:

Post a Comment