Thursday, May 28, 2015

මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අහෝසි කරන්නේ නෑ


මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අහෝසි කරන්නේ නෑ
- ඇමැති ජෝන් අමරතුංග

චමින්ද සිල්වා

මහා පරිමාණ මූල්‍ය වංචා සෙවීම සඳහා පිහිටුවා ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය අහෝසි කරන්නේ නැතැයි මහජන සාමය ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවැසීය.

එම ඒකකයට කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ස්‌වාධීනව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්‌ථා සලසා දී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේ ඊයේ (28 වැනිදා) සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

කැබිනට්‌ මණ්‌ඩලයේ සහ පොලිස්‌පතිවරයාගේ අනුමැතිය මත මෙම මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කාලීන අවශ්‍යතා මත නීත්‍යානුකූලව ස්‌ථාපිත කර ඇතැයිද හෙතෙම කීය.

පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ රථවාහන වැරදි සම්බන්ධයෙන් සොයා බැලීමට රථවාහන කොට්‌ඨාසයද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ කොට්‌ඨාසයද, වංචා සොයා බැලීමට වංචා විමර්ශන කොට්‌ඨාසයද, ළමා හා කාන්තාවන් සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයද ස්‌ථාපිත කළ අයුරින් මහා පරිමාණ මූල්‍ය වංචා සෙවීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය ස්‌ථාපිත කළ බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
 

No comments:

Post a Comment