Tuesday, May 26, 2015

අල්ලස් කොමිසම මුළුමනින්ම අක‍්‍රීයයි… වැටලීම් සියල්ල නැවතේ..

අල්ලස් කොමිසම මුළුමනින්ම අක‍්‍රීයයි… වැටලීම් සියල්ල නැවතේ.. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් කොමසාරිස්වරුන්ගේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මුලූමනින්ම නැවතී තිබේ.
එක් කොමසාරිස්වරයෙකු ඉල්ලා අස්වීම නිසා කොමිසම දැනට අක‍්‍රීය වී ඇති අතර සෙසු කොමසාරිස්වරුන් දෙදෙනාද අලූත් විමර්ශන වැටලීම හා නඩු පැවරීම් සදහා අනුමැතිය දීම ප‍්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වෙයි.
එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ කොමසාරිස්වරුන් අනුමැතිය නොදීම නිසා වැටලීම් නවතා දැමූ බවකි.
කෙසේ වෙතත් සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය  අනුව අලල්ස් කොමිසමට නව සාමාජිකයන් පත්කිරීමේ බලය පැවරී ඇත්තේ ව්‍යවස්ථා සභාවට වන අතර ඉදිරි දෙසතියේදී ව්‍යවස්ථා  සභාව ඉදිරි පිහිටුවීමට නියමිතව ඇත.

No comments:

Post a Comment