Thursday, May 28, 2015

ද්‍රවිඩ සන්ධානය සහ ඊළාම් ඩයස්‌පෝරාව ඇවිළෙයි

ද්‍රවිඩ සන්ධානය සහ ඊළාම් ඩයස්‌පෝරාව ඇවිළෙයි

කීර්ති වර්ණකුලසූරිය

ලබන මහා මැතිවරණයේදී උතුරු නැගෙනහිරට අපේක්‍ෂකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය සහ ඊළාම් ඩයස්‌ පෝරාව අතර බරපතළ අර්බුදයක්‌ ඇති වී ඇත.

මෙම අර්බුදය ගැන හෙළි වී ඇත්තේ ද්‍රවිඩ සංන්ධානයේ වෙස්‌ මුහුණු දමාගත් අපේක්‍ෂකයන්ට ඡන්දය දීමෙන් වළකින ලෙස ඊළාම් ඩයස්‌ පෝරාව ඊළාම් වෙබ් අඩවි ඔස්‌සේ ප්‍රකාශයක්‌ කිරීමෙනි.

චාල්ස්‌ ඇත්තනි බළකාය නමින් ප්‍රකාශයට පත් කර ඇති සංදේශයෙන් ද්‍රවිඩ සන්ධානයට දැඩි ලෙස දොස්‌ නගා ඇත.

උතුරු නැගෙනහිර ද්‍රවිඩ සන්ධාන අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය තමන්ට එවිය යුතු යෑයි ස්‌විස්‌ කොටි නායක දයා මොහාන් කළ ඉල්ලීමද ද්‍රවිඩ සන්ධානය ඉවත දමා තිබේ.

No comments:

Post a Comment