Friday, May 29, 2015

විශ්වාසභංග ඔට්ටු නෑ.. පාර්ලිමේන්තු විසුරුවනු…

විශ්වාසභංග ඔට්ටු නෑ.. පාර්ලිමේන්තු විසුරුවනු… ශ‍්‍රීලනිපය හදන්නේ 20 වැනි සංශෝධනය පෙන්වා මැතිවරණය ප්‍රමාද කරමින් ආණ්ඩුව පෙරලා දැමීමට විශ්වාසභංගයක් ගෙන එන්න යයි එක්සත් ජාතික පක්‍සය පවසයි.
කොළඹදී මාධ්‍ය ඇමතු එම පක්‍ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා කියා සිටියේ ජනාධිපතිවරණය අවසන් වූ වහාම මහ මැතිවරණයට යා හැකිව තිබුණද එසේ නොකලේ දින 100 වැඩසටහන ගෙනයාම සඳහා බවයි.
තව දුරටත් මේ පාර්ලිමේන්තු පවත්වාගෙන යා යුතු නැතැයිද කී මහ ලේකම්වරයා වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවිය යුතු යයිද කියා සිටියේය.
විශ්වාසභංගය ගැන මතය විමසිය යුත්තේ පාර්ලිමේන්තුව තුල නොව මහජනයාගෙන් බැවින් මහ මැතිවරණයක් කැඳවා ඊට අවස්ථාව දිය යුතු යයිද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment