Saturday, May 30, 2015

මට චෝදනා නඟන්නේ බැදුම්කර වංචාවේ හානිය වසන් කිරීමටයි

මට චෝදනා නඟන්නේ බැදුම්කර වංචාවේ හානිය වසන් කිරීමටයි
- අජිත් නිවාඩ් කබ්රාල් - ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති


මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා
නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය.

ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා සේවය කළ දින 3,100 පමණ කාලය තුළදී 2005 දී ඇමරිකානු ඩොලර් බිලියන 24 ක පමණ වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය, 2014 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 75 පමණ දක්‌වා වැඩිවෙමින්, ශ්‍රී ලංකා ආර්ථිකය හුරු බුහුටි ආර්ථිකයක්‌ බවට පත් කර ගන්නට මගේ දායකත්වය ලබා දීමට මට හැකි වූ බව නොරහසකි. තවද,ඒ කාලය තුළදී අප රටේ සියලුම සාර්ව ආර්ථික සාධක සෑම අතකින්ම දියුණු වුණි. එහෙත්, මෙම දැවැන්ත විපර්යාසය සිදුවීම නිසා, විපක්‌ෂයේ සමහර දේශපාලන චරිත පසුබෑමට ලක්‌වුණි. එම නිසා, ඒ අය මා කෙරෙහි ඉතා ද්වේශයෙන් සහ පළිගැනීමේ ෙච්තනාවෙන් කටයුතු කරමින්, මාගේ කීර්තිනාමයට හානි කිරීමට දිගින් දිගටම කටයුතු කළ අතර වර්තමාන අධිපතිවරයාගේ ක්‍රියාදාමය පිළිබඳව දැඩි ප්‍රශ්න මතුවෙද්දී ඒවා වසන් කරගන්නට, මට එරෙහි ප්‍රහාර තව දුරටත් උත්සන්න කිරීමට කටයුතු කරන බවද පැහැදිළිය.

එවැනි එක්‌ ප්‍රහාරයක්‌ නම්, මේ දිනවල මාධ්‍යට ප්‍රකාශ කරන ලද 2012, 2013,සහ 2014 යන වර්ෂ වලදී, 'පෞද්ගලික භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි' ඔස්‌සේ, මවිසින් සභාපතිත්වය දරන ලද ටෙන්ඩර් කමිටු හරහා රුපියල් බිලියන 2,700 (රුපියල් ටි්‍රලියන 2.7) පමණ මුදලක්‌ වංචා කොට ඇතැයි යන පුදුමාකාර සහ අසත්‍ය චෝදනාවයි. එම චෝදනා මාලාවේ තව දුරටත් පවසා ඇත්තේ, මෙවැනි නීති විරෝධී ගනුදෙනු කර ඇත්තේ පසුගිය රජයේ හෙංචයියන්ට ලාභ ලබා ගැනීමට තුඩුදෙන ලෙසටත්a, එම ගනුදෙනු අනුමත කර ඇත්තේ පුද්ගලිකවම ම විසින් බවත් ය. තව ද, රජය විසින් 2012 සිට 2014 දක්‌වා නිකුත් කොට ඇති භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සියල්ලම, අධිපතිවරයාගේ පෞද්ගලික අභිමතය අනුව වෙන් කොට ඇතැයි කියා ද සැක මතුකොට ඇත. එමෙන්ම, එම ණය නිකුතු සියල්ලම, රජයට සිදුවූ පාඩු හැටියට අර්ථකතනය කිරීමෙන් සාමාන්‍ය දැනුම සහ තර්ක ශ්‍රාස්‌ත්‍රයේ මූල ධර්ම සම්පූර්ණයෙන්ම උල්ලංගනය කරන, තවත් අභූත චෝදනාවක්‌ ද එල්ල කොට ඇත. තවද, බැඳුම්කර වෙන්දේසියකින් පසුව, ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට වෙන්දේසියෙන් නියම වූ බර තැබූ සාමාන්‍ය පොළී අනුපාත අගයකට සෘජු නිකුත් කිරීම් සිදු කිරීම, ඉතා වැරැදි සහගත සහ රහසිගත ක්‍රමවේදයක්‌ ලෙස ද පෙන්වා දෙන ලදී. එපමණක්‌ නොව, එම නිකුත් කිරීම් ම විසින් පුද්ගලිකවම තෝරාගත් පිරිසකට මුදල් ලබා දුන්නා යෑයි කියමින් ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දශක ගණනක්‌ම තිස්‌සේ අනුගමනය කරන ලද භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ ක්‍රමවේදය, විකෘති කිරීමට උත්සාහයක්‌ද දරා ඇත. මෙම පිළිකුල් සහගත සහ ද්වේශ සහගත චෝදනා සියල්ලම මා අසත්‍ය සහ පදනම් රහිත ඒවා වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‌ෂේප කරමි.

මෙවැනි අසත්‍ය චෝදනාවලට පිළිතුරු නොදී සිටීමට මා මුලින්ම තීරණය කොට තිබුණ ද, 2015 පෙබරවාරි 27 වැනි දින නිකුත් කරන ලද අර්බුදයට ලක්‌වූ අවුරුදු 30 භාණ්‌ඩාගාර බැඳුම්කරය සම්බන්ධයෙන් කරුණු ක්‍රම ක්‍රමයෙන් එළිවෙද්දී, ඒවා වසන් කිරීම සදහා මට විරුද්ධව කරනු ලබන චෝදනාවල අභූත ස්‌භාවය ද විකෘතිභාවය ද, අසත්‍ය භාවය ද උග්‍ර ලෙස වැඩි වෙමින් පවතින නිසා, මේ වන විට මාගෙන් පිළිතුරක්‌ අත්‍යවශ්‍ය යෑයි, මා හට හැඟී ඇත. එහි ආරම්භයක්‌ වශයෙන් 2015 මාර්තු 17 වන දා, 2015 පෙබරවාරි 27 බැඳුම්කරය පිළිබදව අගමැතිතුමා කළ ප්‍රකාශය මුලින්ම කෙටි විග්‍රහයකට භාජනය කිරීම සුදුසු යෑයි මා විශ්වාස කරමි.

අගමැතිතුමාගේ එකී ප්‍රකාශනයේ,මහ බැංකුව විසින් නිකුත් කරන සෘජු නිකුත් කිරීම්, 'පෞද්ගලික නිකුත් කිරීම්' වශයෙන් හඳුන්වමින්, එය දූෂිත ක්‍රමවේදයක්‌ යෑයි පෙන්වා දෙන්නට, එතුමා තැත් කොට ඇත. එමගින්, සැකයක්‌ මතු කරන්නට එතුමා ක්‍රියාකොට ඇත. එහෙත්, දියුණු වී ඇති සහ දියුණු වෙමින් පවතින ආර්ථිකයන් රාශියක, භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසිවලින් පසුව, එම වෙන්දේසිවලදී තීරණය වූ 'සාමාන්‍ය බර තබන ලද පොළී අනුපාතය' අනුව, තවදුරටත් භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුqම්කර නිකුත් කිරීම සාමාන්‍යයෙන් සිදු කරන ක්‍රමවේදයක්‌ බව මෙම ක්‍ෂේත්‍රයේ නියෑලී සිටින අය හොඳින් දන්නා කරුණකිs. එවැනි ක්‍රමවේදයක්‌ දශක කීපයක්‌ තිස්‌සේම, ශ්‍රී ලංකාවේ ද අනුගමනය කොට ඇත. එම ක්‍රමවේදය අනුගමනය කරමින්, භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කරමින්, රජයේ පොළී ගෙවීම් අවම කර ගන්නට මහ බැංකුවට අවුරුදු ගණනක්‌ම තිස්‌සේම හැකි වී තිබේ. රජයට එළෙස වාසි ලැබෙන්නේ, මෙම Rජු නිකුත් කිරීම් සෑම විටම කරනු ලබන්නේ, වෙන්දේසියෙන් තීරණය වන ප්‍රාථමික වෙළදපොළේ සාමාන්‍ය බර තබන ලද අනුපාතය, සහ ද්විතීය වෙළදපොළේ පවතින අනුපාතය අතරින්, වඩාත් අඩු අගයට බැඳුම්කර නිකුත් කරනු නිසාය.එමගින්, රජයට එම වාසිය අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. තව ද එම අනුපාතයන් දෙකම තීරණය වන්නේ, පාරදෘෂ්‍යභාවයකින් තීරණය වන, වෙළදපොළේ ක්‍රියාවලිය අනුව සහ සියල්ලන්ම දන්නා ක්‍රමවේදයක්‌ ඔස්‌සේ නිසා, එය සෑම දෙනාම පිළිගන්නා ක්‍රමවේදයක්‌ බව ද කිව යුතුය. මෙම අත්‍යවශ්‍ය සහ වැදගත්ම කරුණ, අගමැතිතුමා තම ප්‍රකාශනයේ සිතාමතා හෝ නොදැනුවත්ව නොකියා සිටිය ද, එය භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළදපොළේ කටයුතු කරන අය හොඳින් දන්නා කරුණකිs. ඒ නිසා, ඒ අය නොමග යන්නට කිසිදු අවකාශයක්‌ නොමැත. තව ද, එම ක්‍රියාවලිය කෙතරම් පාරදෘෂ්‍ය සහ සංවේදී ද කිවහොත්, 2015 පෙබරවාරි 27 වන දා භාණ්‌ඩාගාර බැඳුම්කරය අනිසි ලෙස නිකුත් කළ සැනින්, එහි තිබූ අර්බුදකාරි ස්‌භාවය, එසැනින්ම වෙළදපොළ අවබෝධ කරගත්හ. එසේ සිදුවන්නට හේතු වූයේ වෙළෙදපොළේ කටයුතු කරන සියල්ලෝම මේ ක්‍රියාවලිය දෙස තියුණු සැලකිල්ලකිsන් තමන්ගේ අවධානය යොමු කරමින් සිටින නිසාය. මේ තත්ත්වය පිළිබදව, මේ වන විට රජයේ සහ මහ බැංකුවේ නව පාලන අධිකාරියට ඒත්තු වී ඇතැයි කියා දැන්වත් සිතිය හැක. එසේ නම්, සුලු පිරිසකට පමණක්‌ වාසියක්‌ ලබාදෙන, පාරදෘෂ්‍යභාවයකින් තොරව යම් කිසි ක්‍රමවේදයක්‌ කිසි විටෙක හෝ මෙම ක්‍ෂේත්‍රයේ ක්‍රියාවට නැගුවහොත්, එය ඉතා ඉක්‌මනින් එළි වන ආකාරයට, මහ බැංකුවේ මෙම බැඳුම්කර නිකුත් කිරීමේ පද්ධතිය සකස්‌ කොට ඇති බව, මෙම අර්බුදයෙන් ඉගන ගත හැකි විශේෂ පාඩමක්‌ බව නව පාලන අධිකාරියට දැන් වැටහෙනවා නොඅනුමානය.

ෆ අගමැතිතුමාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේදී, 2013 වර්ෂයේ එක්‌ දිනකදී රුපියල් බිලියන 16 ක්‌

ෆ වටිනා වර්ෂ 05ක කාලය සහිත බැඳුම්කර 10.9% වාර්ෂික පොළී අනුපාතයකට වෙන්දෙසි කිරීම

ෆ මඟින් නිකුත් කරඇති බවත්, ඉන් පසුව එම බැඳුම්කර රුපියල් බිලියන 76 ක්‌ ඉහළ පොළි

ෆ අනුපාතයක්‌ වන 11.42%යටතේ පුද්ගලික අයෝජකයින්ට විකුණා ඇති බවත් සදහන් කොට ඇත.

ෆ මෙහි සත්‍ය තත්ත්වය, මහ බැංකුව තම නිල නිවේදනවලින් දන්වා ඇති තොරතුරු අනුව, පහත දැක්‌වේ.

(අ) අගමැතිතුමා සඳහන් කළ පළමු බැඳුම්කරය 2013 ජනවාරි 10 වන දින නිකුත් කරන ලද වර්ෂ 05යි මාස 03 ක බැඳුම්කරයක්‌ වූ අතර, එය 10.9% වාර්ෂික පොළියක්‌ යටතේ වෙන්දේසි ක්‍රමයට නිකුත් කරන ලදී. එම වෙන්දේසියේ ප්‍රතිඵල, මහ බැංකුව විසින් නිල නිවේදනයක්‌ මඟින් 2013 ජනවාරි 10 වන දිනම දැනුවත් කරන ලදී.

(ආ) ඉන් පසුව, 2013 මාර්තු 27 වන දින, වර්ෂ 05 යි මාස 03 ක වෙනත් බැඳුම්කරයක්‌ වෙන්දේසි කරන ලදී. එහිදී 11.45% ක වාර්ෂික පොළි අනුපාතයකට නිකුත් කරන ලදී. මෙම වෙන්දේසිය පිළිබඳවද විස්‌තර මහ බැංකුව විසින් නිල නිවේදනයක්‌ මඟින් 2013 මාර්තු 27 වන දිනම දැනුවත් කරන ලදී.

(ඇ) එම දෙවන වෙන්දේසියෙන් පසුව, 11.42% වාර්ෂික පොළිය යටතේ සෘජු නිකුත් කිරීම ඔස්‌සේ බැඳුම්කර ලබා දී ඇති අතර, එය වෙන්දේසියේදී තීරණය වූ පොළි අනුපාතය වු 11.45% ට වඩා අඩු අගයක්‌ බව පැහැදිළිය.

එම නිසා, අගමැතිතුමාම ඉදිරිපත් කොට ඇති උදාහරණයෙන්ම ගම්‍ය වන්නේ, මහ බැංකුවේ මෙතෙක්‌ පැවති ණය ලබා ගැනීමේ උපක්‍රමයන් යටතේ, රජයට ණය ලබා ගැනීම අවම පොළි අනුපාත මත රජයට අඩුම වියදමක්‌ සිදු වන ලෙස කරනු ලද බවය. එහෙත්, අගමැතිතුමා දැන් යෝජනා කරන ක්‍රමය යටතේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙස, විශාල අමතර පොළී වියදමක්‌ රජයට ඉදිරියේදී දැරීමට සිදු වනු නො අනුමානය.

අගමැතිතුමාගේ ප්‍රකාශයේ, අර්බුදයට තුඩුදුන් බැඳුම්කරයට අදාළ සාමාන්‍ය පොළි අනුපාතය වූ 11.73% සමඟ, 2014 ජුනි මස නිකුත් කළ වසර 30 ක බැඳුම්කරය නිකුත් කළ අවස්‌ථාවේදී තීරණය වූ 11.75% පොළිය සන්සන්ධනය කොට ඇත. එහිදී, එතුමා උවමනාවෙන්ම වාගේ 2014 ජුනි මස සිට 2015 පෙබරවාරි 27 වන දින දක්‌වා වෙළදපොළෙහි සිදු වූ විශාල පොළී අනුපාත අඩු වීම පිළිබදව කිසිදු කරුණක්‌ හෙළි නොකරයි. තව ද, එතුමා අර්බුධයට ලක්‌ වූ බැඳුම්කරය නිකුත් කරන විට ලබා දුන් පොලී අනුපාතය, සන්සන්ධනය කරන්නේ ඒ සදහා ගත යුතු නිවැරැදි පොළි අනුපාතිකය වන 8.85%, සමග නොව, 2014 ජුනි මස තීරණය වූ අනුපාතය සමගයි. එසේ කරමින් මහ බැංකුව විසින් 2014 ජුනී මස සිට 2015 පෙබරවාරි 27 දක්‌වා කාලය තුළ ආයෝජකයින්ට සෘජු ආයෝජන පහසුකම් යටතේ භාණ්‌ඩාගාර බැඳුම්කරය නිකුත් කරන විට, එම කාලය තුළදී, බැඳුම්කර නිකුත් කිරීම මෙතෙක්‌ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අනුගමනය කළ ප්‍රතිපත්තියට අනුව, නොකඩවා අඩුවූ පොළි අනුපාතය පිළිබදව, එතුමා කිසිවක්‌ නොකියයි. එතුමා එසේ නොකීවත්, 2015 පෙබරවාරි 27 වන දින පැවති වෙන්දේසියට සතියකට පෙර, මහ බැංකුව විසින් සිදු කරන ලද Rජු ආයෝජන පහසුකම් යටතේ, වර්ෂ 30 බැඳුම්කර ආයෝජකයට ලබා දී ඇත්තේ 8.85% වැනි අඩු පොළි අනුපාතිකයක බව වාර්තාවලින් පෙනී යයි. එම නිසා, අගමැතිතුමාගේ ප්‍රකාශය මඟින්, රජයට 2015 පෙබරවාරි 27 බැඳුම්කරය හරහා සිදු වූ සත්‍ය පාඩුව හිතාමතාම සැඟවීමට උත්සාහයක්‌ ගෙන ඇති ස්‌භාවයක්‌ පෙනෙන අතර, එය 2.98% ක අති දැවැන්ත අමතර පොළි වියදමක්‌ වශයෙන් පෙන්වා දිය හැක. එමඟින් රජයට වැඩිපුර ගෙවීමට සිදුවන පොළි වියදම රුපියල් බිලියනවලින් ගණනය කිරීමට සිදුවන අති විශාල අගයක්‌ බව දැන් පැහැදිළිය

No comments:

Post a Comment