Thursday, May 28, 2015

අධික පොලියට ඩොලර් බිලියනයක ණයක් ගන්න යයි.. ආර්ථිකය කඩා වැටීමේ අධි අවදානමක්..

අධික පොලියට ඩොලර් බිලියනයක ණයක් ගන්න යයි.. ආර්ථිකය කඩා වැටීමේ අධි අවදානමක්.. සියයට 6.375 ක පමණ පොලී අනුපාතයකට (Price Guidance) රජය ජාත්‍යන්තර වෙළඳ පොළින් වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි.
අනාවරණය වන ආකාරයට මෙහි අවසන් පොලී අනුපාත තවමත් තීන්දු වී නොමැති අතර ඩොලර් බිලියනයකට ආසන්න ණය මුදලක් ලබාගැනීමට සූදානම් වන්නේ යැයි හෙළිවේ.
මෙම ඩොලර් බැඳුම්කර නිකුතුව කළමනාකරණය කරන්නේ, සිටි, ඩොයිෂ්, එච්.එස්.බී.සී. සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් යන බැංකු මගිනි.
මේ පිළිබඳව අප මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙම බැඳුම්කර නිකුතුවේ අවසන් පොලී අනුපාතය සහ ලබාගන්නා ණය ප්‍රමාණය පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ඩොලර් බිලියනයක ණයක් ජාත්‍යන්තර වෙළඳපොලෙන් අධික පොලියට ලබා ගැනීම නිසා මෙරට ආර්ථිකය කඩා වැටීමේ විශාල අවදානමක් පවසතින බවයි.
– Adaderanbiz.lk

No comments:

Post a Comment