Sunday, May 31, 2015

ශිරන්ති අද FCIDයට.. සිරිලිය සවියේ 222222222v මෙන්න ඇත්ත

ශිරන්ති අද FCIDයට.. සිරිලිය සවියේ 222222222v මෙන්න ඇත්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහාතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දනියේ කොළඹ පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. මෙසේ ඇය කැඳවා ඇත්තේ සිරිලිය සවිය බැංකු ගිණුමේ සිදුවී යැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලාබ ගැනීම සඳහායි.
මෙම ගිණුම සම්බන්දයෙන් එල්ල වී ඇති චෝදනා ගැන හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක මෙසේ පැහැදිලි කිරීමක් වෙයි.
[1]. ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ප්‍රකාශයක් සටහන් කරගනීමට නියමිතව ඇත්තේ “සිරිලිය සවිය” සම්බන්ධයෙනුයි.
[2]. එජාපය මගින් එතුමියට කර ඇති චෝදනාව වූයේ “සිරිලිය සවිය” බැංකු ගිණුමේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජාතික හැඳුනුම්පත් අංකය 222222222V යනුවෙන් සඳහන් වීම යි.
[3]. “සිරිලිය සවිය” පුණ්‍යාධාර සංවිධානය සඳහා මහජන බැංකුව විසින්ම ගිණුමක් ආරම්භ කරන ලෙස, සිරිලිය සවිය පුණ්‍යාධාර ආයතනය වෙත ආරාධනා කර ඇත. එනම් ඕනෑම වාණිජ බැංකුවක් කැමතියි තමන් ගාව වැඩි මුදලක් තැන්පත් වෙනවාට. ඒ අනුව මහජන බැංකුව විසින් ස්වෙච්ඡාවෙන්ම අදාල සිරිලිය සවිය ගිණුම විවෘත කර දෙයි.
(i). ගිණුමක් විවෘත කිරීමේදී හැඳුනුම්පත් අංකයක් සටහන් කරගන්නේ අදාල තැන්පත් කරුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමටයි. එවකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටේ පළමු කාන්තාව “First Lady” ලෙස හැඳින්වුණ නිසා ඇයගේ අනන්‍යතාවය අමුතුවෙන් තහවුරු කරගැනීමට මහජන බැංකුවට අවශ්‍ය වී නෑ. ඒ අනුව මහජන බැංකුවේ “information system” එකේ අදාල “text box” හිස්ව තැබීමට නොහැකි නිසා සිරිලිය සවිය හි මුදල් පරිපාලනය කළ එම් ජේ ඒ කුමාරි මහත්මියගේ හැඳුම්පත් අංකය ලෙසට 111111111V  ලෙසටත්, ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හැඳුනුම්පත් අංකය 222222222V ලෙසටත් සඳහන් කර තිබේ.
(ii). ජාතික හැඳුනුම්පත සටහන් කරගත යුතුමයැයි නීතියක් නොමැතිනම් සහ ගිණුම් භාරකාරීත්වය අමුතුවෙන් සනාථ කරගැනීමට අනවශ්‍ය නිසා එය ඔවුන් නොසලකා හැරියා විය හැකියි.
(iii). ජාතික හැඳුනුම්පත් අංක එලෙස සටහන් කිරීම තමන් අතින් සිදුවූ අතපසු වීමක් ලෙස සඳහන් කරමින් මහජන බැංකුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යවා ඇත.
උපුටා ගැනීම – mahinda.info

No comments:

Post a Comment