Tuesday, May 26, 2015

දැන් යහපාලනය හෙළුවෙන් දුවන කාලයයි.. ජනපති මෛත‍්‍රී වුනත් රට පාලනය කරන්නේ රනිල්

දැන් යහපාලනය හෙළුවෙන් දුවන කාලයයි.. ජනපති මෛත‍්‍රී වුනත් රට පාලනය කරන්නේ රනිල් අද රටේ ජනාධිපති මෛත‍්‍රීපාල වුවත් රට පාලනය කරන්නේ අගමැති රනිල් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අලූත්ගම නගර ශාලාවේදී ‘මහින්ද රාජපක්ෂ මහතා මීළග මැතිවරණයෙන් අගමැති කිරීමේ සටනේදී කළ යුත්තේ කුමක්ද?’ මැයෙන් පැවති රැස්වීමකදී ඔහු මෙසේද කියා සිටියේය.
‘රැස්වීමේ ඉන්න අය හූ කියන නිසා සමහර දේශපාලඥයන්ගේ නම් අද දේශපාලන රැස්වීම්වලදී කීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා මම සමහර නම් කියන්නේ නෑ.
මෛත‍්‍රී ජනාධිපති වුණාට රට පාලනය කරන්නේ රනිල් වික‍්‍රමසිංහයි. මේ සුළුතර ආණ්ඩුව උතුරේ පොලිස් කොට්ඨාස ඉවත් කරමින් දකුණේ මූල්‍ය අපරාධ කොට්ඨාස පිහිටුවා විරුද්ධවාදීන් දඩයම් කරගෙන යනවා. අගමැති කරන දේ ජනපති දන්නේ නෑ. මේක අවුල් හවුලක්.
මැතිවරණය සැප්තැම්බර්වලට පෙර අනිවාර්යයෙන් තියෙනවා. මම මේක කියන්නේ දේශපාලන ශාස්ත‍්‍රය අනුව. නැකැත්කරුවන්ගෙන් අහල නොවෙයි. ජිනීවා මානව හිමිකම් කොමිසමේ ලංකාවේ ද අපරාධ ගැන අවසාන වාර්තාව සැප්තැම්බරයේ ගෙනාවා. මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඇතුළු රණවිරුවෝ 43කගේ නම් තියෙනවා. අවසන් යුද්ධයේ අවසන් දින 5 ගැන විතරයි එහි තියෙන්නේ. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම දින පහේම හිටියේ චීනයේ. සැප්තැම්බරයෙන් පස්සේ මැතිවරණය පැවැත්වුවහොත් මහින්දට එන ජන රැල්ල මීට වඩා වැඩියි. ඒ නිසා ඊට පෙර මැතිවරණය තියෙනවාමයි.
රවි කරුණානායකගේ විනිමය වංචා නඩුව තාක්ෂණික දෝෂයක් නිසා අවසන් කළා කිව්වා. අද අධිකරණයට ස්වාධීනව නඩු තීන්දු ගන්න බැරිවී තිබෙනවා.විනිසුරුවන්ට බලපෑම් එල්ල කරනවා. මේක යහපාලන යුගය හෙළුවෙන් දුවන කාලයක් ’
12,512 Viewers
 3 58
 

No comments:

Post a Comment