Thursday, May 28, 2015

අගමැතිට එරෙහි විශ්වාසභංගය 9 වැනිදා පාර්ලිමේන්තුවට


අගමැතිට එරෙහි විශ්වාසභංගය 9 වැනිදා පාර්ලිමේන්තුවට

ආණ්‌ඩුව පිං පඩියවත් ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්වෙලා
- මහින්දානන්ද අලුත්ගමගේ

සමන් ගමගේ

වත්මන් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ ගමන නිමා කිරීමේ පළමු වෙඩිමුරය පත්තු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන නවය වැනිදා (09 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහය වී තිබුණේ දින සියයෙන් ආණ්‌ඩුව විසුරුවා හරින බව පවසමින් රටට බොරු කරන අතරේ මාස තුනක්‌ ආණ්‌ඩුව කරගෙන යමින් ශ්‍රීලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් දඩයම් කර මැතිවරණයකට යැම බවද කී අලුත්ගමගේ මහතා එහෙත් එය අද පුස්‌සක්‌ වී තිබෙන බවද සඳහන් කළේය.

නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (28 වැනිදා) පැවති මාධ්‍ය හමුවක්‌දී හෙතෙම මේ බව සඳහන් කළේය.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් පසු තවදුරටත් ආණ්‌ඩුව පවත්වාගෙන යැමට කිසිසේත්ම ඉඩ නොදෙන බවද පැවසූ අලුත්ගමගේ මහතා විශ්වාසභංගයෙන් පසු ආණ්‌ඩුව විසුරුවා හරින්නේද නැතහොත් බහුතරය සමඟ එක්‌ව නව රජයක්‌ පිහිටුවා ගන්නේද යන්න පිළිබඳ පැහැදිලි තීරණයක්‌ ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදු වන බවද පෙන්වා දුන්නේය.

දින සියය අවසන් වී තවත් දින පනහක්‌a ඉදිරියට ගොස්‌ සිටින වත්මන් රජය මේ වන විට පිං පඩිය පවා ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැවින් රනිල්ගේ ආණ්‌ඩුව දැන් ගෙදර යා යුතු යෑයිද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වුවමනා වූයේ යහපාලනයක්‌ ඇති කිරීමට වුවද අද රනිල් වික්‍රමසිංහ මහතා කරනුයේ වෛරී පාලනයක්‌ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉදිරි මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වීම ජනතා බලාපොරොත්තුව වී තිබෙන බැවින් එළඹෙන පාර්ලිමේන්තුවේදී මෛත්‍රී මහින්ද යුගයක්‌ ඇති කරමින් ශ්‍රීලනිපය ප්‍රධාන සන්ධාන රජයක්‌ බිහි කිරීමට තමන් ඇතුළු පිරිස කැපවී සිටින බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්‌ථාවට බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාද එක්‌ව සිටියේය.

No comments:

Post a Comment