Friday, May 29, 2015

රනිල් ගස් යන බරපතල අපරාධ චෝදනා 100ක්.. ලිඛිත සාක්‍ෂි මා සතුයි..

රනිල් ගස් යන බරපතල අපරාධ චෝදනා 100ක්.. ලිඛිත සාක්‍ෂි මා සතුයි.. අගමැති රනිල් වික‍්‍රමසිංහගේ බරපතල ඝණයේ මුල්‍ය වංචා 100කට අධික ප‍්‍රමාණයක සියළි ලිඛිත සාක්‍ෂි තමන් සතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කලින් වතාවක් රනිල් අගමැති ධුරය දරද්දී තමන් ඔහුගේ රජයේ ග‍්‍රාමීය  ඇමති හා මුදල් නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කල බවද පවසන ඔහු රේගු ආඥාපනත උල්ලංඝණය කරමින් නෝර්වේ තනාපති කාර්යාලය හරහා කොටි සංවිධානයට අධි තාක්‍ෂණික සන්නිවේදන උපකරණ ගෙනැවිත් දීම, පාස්කරලිංගම්ගේ අත්සනින් ශ‍්‍රි ලංකා මහා භාණ්ඩාගාරයෙන් කොටි සංවිධානයට මුදල් ලබා දීම ඇතුළු බරපතල අපරාධ චෝදනා ගණනාවකට අදාන ලිඛිත පිටපත් තමන් සතු යයිද සඳහන් කරයි.
පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශයෙන් තමන් කැඳවීමක් ලැබෙන තෙක් බලා සිටින බවද පවසන මන්ත‍්‍රීවරයා එසැනින් තමන් මේ සියල්ල හෙළි කරන බවද සඳහන් කරයි.
3,483 Viewers

No comments:

Post a Comment