Friday, May 29, 2015

රනිල්ට එරෙහි විශ්වාසභංග ගේන්නේ ජනතා හතුරන්.. හකීම් දුෂ්ඨයා එනු වාදයට..

රනිල්ට එරෙහි විශ්වාසභංග ගේන්නේ ජනතා හතුරන්.. හකීම් දුෂ්ඨයා එනු වාදයට.. මැතිවරන ක‍්‍රමය සංශෝධනය කරන 20වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන්නේ කවුද යන්න පිළිබඳව කරුණු පැහිදිලි කිරීමේ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
එම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප‍්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා හා නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතා සහභාගි විය.
එහිදී නිශාන්ත වර්ණසිංහ මහතා කියා සිටියේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරිම පිලිබඳව දීර්ඝවශයෙන් සාකච්ඡුා සම්මන්ත‍්‍රණ වැඩමුඵ පැවැත්වී ඇති බවත් 19වෙනි ව්‍යවස්ථා සංශෝධනයටවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මෙතරම් කාලයක් ලබානොදුන් බවත් ප‍්‍රකාශකර සිටියේය. 19ට පෙන්නු හදිසිය 20ට නැත්තේ මන්දැයි, විමසා සිටි නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා 20කරන්නයැයි ඉල්ලමින් පිකටිං උද්ඝෝෂණ සම්මන්ත‍්‍රණ නැත්තේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට දේශපාලන පක්‍ෂ අකමැතිද යන පැනය මේ තුළින් මතුවන බවද ජනතාවගේ අවශ්‍යතාවය සහ දේශපාලන පක්‍ෂවල අවශ්‍යතාවය අතර පරස්පරයක් පවතින බවද කියා සිටියේය. නව මැතිවරණ ක‍්‍රමයෙන් සු`ඵ පක්‍ෂවලට හෝ සු`ඵ ජනවාර්ගික පක්‍ෂවලට අසාධාරණයක් සිදු නොවන බවත් එසේ වෙනවානම් සු`ඵ පක්‍ෂයක් වන ජාතික හෙළ උරුමයත් එයට එරෙහිව නැගී සිටින බවත් එවැන්නක් මේ මැතිවරණ ක‍්‍රමයෙන් සිදුනොවන නිසා සියලූ සුඵ පක්‍ෂවලට සාධාරණය ඉෂ්ට වන බැවින් මෙයට විරුද්ධවීමට කිසිදු තර්කානුකූල පදනමක් නැතැයිද කියා සිටියේය. මුස්ලිම් ක්‍රොංග‍්‍රසයට මෙයට විරුද්ධවන්නේ කිසිදු තර්කානුකූල පදනමකින් නොවන බවත් රාහුෆ් හකිම්ට උවමනා වී ඇත්තේ මෙය කඩාකප්පල් කිරීම පමණක් බවත් එය කාගේ හෝ කොන්ත‍්‍රාත්තුවට කරගැසීමක් බවත්ය. මැතිවරණ ක‍්‍රමය පිළිබඳ පැවැත්වුණු සාකච්ඡ වලට නිසාම් කාරියප්පර් මහතා මුස්ලිම් ක්‍රොංග‍්‍රසය වෙනුවෙන් සහභාගි වී තම යෝජනා අදහස් ඉදිරිපත් කරමින් එකගතාවයට පැමිණි බවත් එම සාකච්ඡවල වාර්තා සටහන් තබාගත් ජනාධිපතිලේකම් තිලක් රණවිරාජා ඊට සාක්‍ෂි දරණ බවත් ප‍්‍රකාශ කළ නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා පසුගිය 27වෙනිදා කැබිනට්ටුව තුළ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරිමට හරස්කැපීම තුළින් රාවුෆ් හකීම් ජනතාවට ද්‍රෝහිවී ඇතුවා පමණක් නොව මැතිවරණ ක‍්‍රමයට එරෙහි දුෂ්ටයා වි ඇතැයිද ඒ දුෂ්ටයාට එරෙහිව ජනතාව වෙනුවෙන් සටන් කිරීමට ජාතික හෙළ උරුමය සුදානම් යැයි ද කියා සිටියේය. 20වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව රාවුෆ් හකීම් සාතන්ගේ භූමීකාව රගදක්වන බවත් ඔහු කවරෙකුගේ හෝ රූකඩයක් වී ඇති බවත් රූකඩය වගේම එය පිටුපස සිටින අයත් හෙළිදරව් කිරීමට මැළි නොවන බවද කියා සිටි වර්ණසිංහ මහතා දිගම්බරන්ට, මනෝගනේෂන්ට දෙමළ සංධානයට නැති මුස්ලිම් ක්‍රොංග‍්‍රසයට පමණක් ඇති සුවිශේෂි ප‍්‍රශ්නය කුමක්දැයි විමසා සිටිමින් මෙම මැතිවරණ ක‍්‍රමයෙන් මුස්ලිම් ජනතාවට වන අසාධාරණය පිළිබඳව කරුණු දැක්වීම සඳහා ප‍්‍රසිද්ධ විවාදයකට එන්නැයිද ඒ සඳහා නව මැතිවරණ ක‍්‍රමය සකස් කිරීමට දායක වූ පර්යේෂකයින් සහභාගිකිරීමට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරිමට සුදානම් යැයිද වැඩිදුරටත් කියා සිටිමින් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනා කරන්නන් හා විශ්වාසභංග යෝජනා ගෙන එන්නන් 20 කඩාකප්පල් කිරීමට උත්සාහ දරන ජනතා සතුරන් බවත් කළයුත්තේ 20සම්මත කරගැනීමට මෙම පාර්ලිමේන්තුව උපයෝගී කරගැනීමට මිස එය පෙරළීම හො  විසුරුවාහැරීම නොවන බවද මෙහිදී කියා සිටියේය.
මෙහිදී කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් කියා සිටියේ 20වෙනි ව්‍යවස්ථා සංශෝධනය ජාතික ප‍්‍රමුඛතාවය ලෙස හඳුනාගත යුතු බවත් එය කඩාකප්පල් කරන්නන්ට එරෙහි ජනතා විශ්වාසභංගයක් පෙළ ගස්වන බවද 20 සම්මත කරගැනීම සඳහා කළ හැකි සෑම ආකාරයේ බලපෑමක්ම කළ යුතු බවද ඒ සඳහා ජාතික හෙළ උරුමය පෙරමුණ ගන්නා බවද කියා සිටියේය.
නිශාන්ත ශි‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
ජාතික හෙළ උරුමය

No comments:

Post a Comment