Friday, May 29, 2015

මෛත‍්‍රී ශ‍්‍රීලනිප නායකත්වය අරගෙන එජාපයේ බෙල්ලේ එල්ලූවා.. එයාට ඕන රනිල් අගමැති කරන්නමයි..

මෛත‍්‍රී ශ‍්‍රීලනිප නායකත්වය අරගෙන එජාපයේ බෙල්ලේ එල්ලූවා.. එයාට  ඕන රනිල් අගමැති කරන්නමයි.. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප නායකත්වය බලෙන් අරගෙන එය එජාප බෙල්ලේ ගැටගසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතා පවසයි.
කුරුණෑගල රිදීගම පැවති ජනහමුවකදී ඒ මහතා මෙසේ අදහස් පල කලේය.
‘අපේ පක්‍ෂ ව්‍යවස්ථාවෙ තියෙන්නේ ශ‍්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට තරඟ කරලා ජනාධිපති වුනොත් ඔහු පක්‍ෂයෙ සභාපති. නායකයා. නමුත් අපේ පක්‍ෂයෙන් නොවී හංසයා ලකුණින් තරඟ කරලා දිනුවට අපේ පක්‍ෂයේ සභාපතිකම ගන්න බෑ. ඒ නිසයි මං කියන්නේ සභාපතිකම බලෙන් ගත්තා කියලා. ඉන්පසු ශ‍්‍රිලනිපයේ කොන්ද කඩා හීලෑ කර ජාතික ආණ්ඩුවක් කියමින් එජාපයේ කරේ එල්ලූවා. එයාට කරන්න තිබුනෙ ඒක නෙමෙයි. ජනාධිපති වුණා නම් ඒක කරගෙන ඉන්න එකයි. අපේ පක්‍ෂයේ වැඩ අපිට කරන්න ඉඩ දීලා. එහෙම තියෙද්දිත් අපි බැලූවා මහින්ද-මෛත‍්‍රී එකතු කරන්න පුළුවන්ද කියලා. ඒත් බෑ. එයාට  ඕනි වෙලා තියෙන්නෙම රනිල් අගමැති කරන්නයි

No comments:

Post a Comment