Tuesday, May 26, 2015

සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්

සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් සියළු දෙනා ඇමති ධුර අතහැරීමට සූදානමින් සිටින බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඔහු සූරියවැවදී ජනහමුවක් අමතමින් කියා සිටියේ 20 වන සංශෝධනය සම්මත කල වහාම ශ‍්‍රිලනිපයේ සියළු දෙනා ඇමති ධුර අතහරින බවයි.
‘මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයයි දෙන්නම එකතු කරගෙන ශ‍්‍රිලනිප පිරිසිදු ආණ්ඩුවක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි. මේ ගමනට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහයෝගය අපට අවශ්‍ය වෙනවා. අපි මේ ජාතික ආණ්ඩුවට එකතු වුණේ ප‍්‍රධාන කාරණා දෙකක් පිළිබද එක`ගත්වය පළ කර ගෙනයි.පළවැනි එක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය.දෙවැන්න නව ඡන්ද ක‍්‍රමයක් සදහා 20 වන ව්‍යවස්ථා සංශෝධනය. එම සම්මත කල වහාම අපි සියල්ල මේ ඇමතිකම් අතහරිනවා’
20,131 Viewers

No comments:

Post a Comment