Saturday, May 30, 2015

පිල් මාරු කළොත් නාමයෝජනා නෑ ජනපති අගමැති එකඟතාවක


පිල් මාරු කළොත් නාමයෝජනා නෑ
ජනපති අගමැති එකඟතාවක

පියසේන දිසානායක සහ කුෂාන් සුබසිංහ

මැතිවරණයට තරග කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ පිල් මාරු කරන කිසිදු දේශපාලනඥයකුට එළැඹෙන මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු පොදු එකඟත්වයකට පැමිණ ඇත.

රටේ නව දේශපාලන සංස්‌කෘතියක්‌ ඇරැඹීමේ අරමුණින් නායකයන් දෙදෙනා මෙම එකඟතාවය ඇතිකරගෙන තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකාබද්ධ වී පිහිටුවන ලද ආණ්‌ඩුවෙන් ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක්‌ සිදුකිරීමට හැකිවූ බවත් පිල් මාරුකිරීමට ඉඩ හැරීමෙන් එම සහයෝගිතාවට හානි විය හැකි බවත් පක්‍ෂ දෙකෙහි ප්‍රකාශකයන් කීප දෙනෙක්‌ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවසූහ.

මේ වනවිට ප්‍රධාන පක්‍ෂ දෙකෙහි දේශපාලනඥයන් රැසක්‌ පිල් මාරු කිරීමට සූදානම් වී සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක්‌ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන අය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පිල් මාරුව ගැන සැළවීමෙන් පසු පක්‍ෂ නායකයන් දෙදෙනා පසුගිය සතියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම එකඟතාව ඇතිකරගෙන තිබේ.
 

No comments:

Post a Comment