Thursday, May 28, 2015

මල් පිපී ඇතැයි ජනතාවට පෙන්වූවත් රටේ ආර්ථිකය වඳ පීදිලා


මල් පිපී ඇතැයි ජනතාවට පෙන්වූවත් රටේ ආර්ථිකය වඳ පීදිලා
- සුනිල් හඳුන්නෙත්ති

අජිත් අලහකෝන්

රට පුරා මල් පිපී ඇති බව ජනතාවට පෙන්වූවත් රටේ ආර්ථිකය වඳ පීදිලා යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (28 දා) ප්‍රකාශ කළේය.

"වර්තමාන ආණ්‌ඩුව රටේ ආර්ථිකය අනාථ කරලා. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන කතා කරමින් රට පුරා ලස්‌සන චිත්‍රයක්‌ මවාපානවා. ඒ වුණාට රටේ ආර්ථිකය වඳ බැහැලා. ආර්ථික ගමනක්‌ සඳහා ආණ්‌ඩුවෙන් කිසිදු යෝජනාවක්‌ හෝ අණපනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ නෑ." යෑයි ද ජවිපෙ මූලස්‌ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී හඳුන්නෙත්ති මහතා කීවේය.

අතුරු අයවැයෙන් සමෘද්ධි දීමනාව රුපියල් තුන්දහස දක්‌වාත්, මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් පන්දහස දක්‌වාත් වැඩි කරන බව කිව්වා. ඒත් ඒ යෝජනා පාර්ලිමේන්තුවේ විවාද කරලා ක්‍රියාවට නංවන්න ආණ්‌ඩුව කටයුතු කරන්නේ නෑ. රට පුරා ඉදිකිරීම් වැඩ නැවතිලා. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ හැත්තෑ දහසකගේ පමණ රැකියා අහිමිවෙලා. සතොසට භාණ්‌ඩ මිලදී ගැනීම නතර කරලා. ජනතාවට අවශ්‍ය භාණ්‌ඩ දැන් සතොසේ නෑ. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අරාජික වෙලා යෑයි ද හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment