පොලිසියට එරෙහි වීමත් සමග ඇතිවූ උණුසුම් තත්ත්වය මඩින්න, වඩමාරච්චි ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක්.
යාපනය,
වඩමාරච්චි, උඩුතුරෙයි ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ඒ,
ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය පාලනය කිරීම සඳහා මෙන්ම, පොලිසියට විරෝධය පළ
කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහායි. ඊයේ දහවල් උඩුතුරෙයි ප්‍රදේශයේ
සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට
ගම්වාසීන් විරෝධතා එල්ල වුණා. එහිදී පොලිසියට ගල් මුල් ප්‍රහාරයක්ද එල්ල
කළ බවයි සිංහ ප්‍රවෘත්ති වාර්තාකරු කියාසිටියේ. පොලිස් නිලධාරියෙකුට
පොරොවකින් පහරදීමට උත්සාහ කිරීමත් සමග වෙඩි තැබීමක්ද කර ඇති අතර, සිද්ධිය
සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන්
කළා.(චන්දන පුස්සවෙල)
- See more at: http://singhafm.com/news/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c/#sthash.vxmTmiVj.dpuf
No comments:
Post a Comment