පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට උණ ගැනෙන ප‍්‍රශ්න හතරක් ගම්මන්පිල අහයි…
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් පොලිස් මාධ්‍ය
ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාට ප‍්‍රශ්න පත්රයක් ඉදිරිපත් කලේය.
ඔහු මෙම ප‍්‍රශ්ණ පත‍්‍රය ඉදිරිපත් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ගම්මන්පිල මහතා මෙසේද අදහස් පල කරමින් සිය ප‍්‍රශ්න පත‍්‍රය
ඉදිරිපත් කලේය.
මුලින්ම ඊයේ ජත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රි ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක්
නිකුත් කලා මම දැක්කා අද එය ප්‍රධාන පුවතක් වෙලා තියෙනවා රොයිටර් පුවත් සේවය එය
ලෝකේ පුරා බෙදා හැරලා තියෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අද ශ්‍රී ලංකාව දැවැන්ත මුළ්‍ය
අර්බුදයකට මුහුණපාලා තිබෙන බව පසුගිය අයවැයෙන් වැඩි කරපු වැටුප් සහ වැටුප් සහ
විවිධ දීමනා ගෙවන්න රුපියල් බිලියන අසූ හතක් අවශය වෙනවා මෙයින් බිලියන අසූවක්ම
හොයා ගත්තේ බිලියනයට වඩා ලාභ ලබන සමාගමි වලින් සුපර් ගේම් ටැක්ස් සුපිරි බද්දක්
අයකරලා ඉතිහාසයටම එක්වරක් පමණක් අයකරන එතකොට මේ අවුරුද්දේ දීමනා වලට බිලියන අසුවක්
සුපිරි බද්දෙන් හොයා ගත්තා 2016 වර්ෂයේ සුපිරි බද්ද නැහැ ඒත් මේ
වැඩිකරපු වැටුප් සහ දීමනා ඒ ආකාරයෙන්ම ගෙවිය යුතුයි. වැඩිකරපු වැටුප් ගෙවන්න ඕන
වැඩි කරන විශාම වැටුප් ගෙවන්න ඕන සමෘද්ධි සහනාධාර, මහපොළ ආධාර මේ සියල්ල ගෙවිය යුතුයි. ඒ
නිසා 2016 දී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බුදයකට වර්තමාන ආණ්ඩුව හෙලා ඇතැයි කියලා
තියෙන්නේ අපි නෙවෙයි එතුමන්ලා දේවත්වයෙන් අදහන එතුමන්ලා රකින්න හැමදාමත්
ඉදිරිපත්වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල.
එතකොට ඇයි ඒක අද ලංකාවේ මාධ්‍ය වල ප්‍රමුඛ පුවතක් නොවුනේ ඇයි කියල නම් මට
තේරුනේ නැහැ. කොහොම නමුත් තමුන්නාන්සේලාට පුංචි අනතුරු ඇගයිමක් කරන්න තියෙනවා
මැතකවේච්ච සිදුවිම් අනුව අපේ සහෝදර මන්ත්‍රිවරුන්
සිහිපත් කලා ණය දිම හා ණය ලබා ගැනිම යන දෙකම දඩුවම් ලැබිය හැකි වරදක් බව. යම්
කිසිදෙයක් අපරාදයක් නම් අපරාදයට යොදා ගන්න භාණ්ඩ සලකන්නේ බරපතල අවි අයුධ ලෙසයි.
තමුන්නාන්සේලා බෝහො දෙනෙක්ගේ අතේ තියෙනවා ණයපත් නැත්නම් Cradit
Card එතකොට Cradit Card එකෙන් කරන්නේ ණය ගැනිම ණය ගැනිම
අපරාදයක් නම් Cradit Card එක කියන්නේ අපරාදයට අවශ්‍ය භාණ්ඩයක් සගවා තබා
ගැනිමයි. තමුන්නාන්සේලාගේ පසුම්බි වල Cradit Card තිබේ නම් ඒවා විසි කරලා දාන්න නැත්නම්
අත්අඩංගුවට පත්වෙන්න පුළුවන්. අපේ මන්ත්‍රිතුමන්ලා
කියු කරුනු දෙස හරි බලන විට ඉතිහාසයේ නොයු අයුරින් නිතිය දේශපාලනි කරනය වෙලා
තියෙනවා.
මේ අණ්ඩුව නිතියට හිනා වෙන්න පටන් අරන් තියෙනවා. වර්තමාන ජනපතිතුමා
බලයට පත්වෙලා විනාඩි 5ක් ඇතුලත නිතියට සරදම් කිරිම ආරම්භ කරලා
තියෙනවා. දිමු ජයරත්න අගමැතිතුමා පර්ලිමේන්තුවේ බහුතරය පිළිබද කිසිම අර්බුදයක්
නොමැති විට පර්ලිමෙන්තුවේ විශ්වාසබංගයක් තිබුනේ නැ, දියුරුම් ප්‍රකාශ දිලා අපි වෙන කෙනෙකුට
කැමති කියලා ජනපතිට දැනුම් දුන්නේ නැ, එහෙම අවස්ථාවක දිමු ජයරත්න අගමැතිතුමාව
ඉවත් කිරිමෙන් තමයි නිතියට සරදම් කිරිම පළමු පියවර. අපේ රටේ අණ්ඩුක්‍රම විවස්ථාවට
අනුව පර්ලිමෙන්තුවට තමයි අගවිනිසුරු ඉවත් කිරිමේ බලය තියෙන්නේ. ඒකාධිපතියා කියලා
හංවඩුගහපු ඡේ. අර් ජයවර්ධන ජනාධිපතිතුමා ඕන වුනා නෙවිල් සමරකොන් අගවිනිසුරුතුමා
ඉවත් කරන්න එතුමා ලියුමක් යැවුවේ නැ නෙවිල් හෙට සිට ගෙදර නවතින්න නැත්නම් නෙවිල්
අයේ නාවත් කම්නැතේ කියලා ලියුමක් යැවුවේ නැ. පර්ලිමෙන්තුවට භාර දුන්නා විවස්ථාව
අනුව නඩුවක් අහලා නඩු වාර්ථාව පාර්ලිමේන්කුමේ විවාද කරලයි නෙවිල් සමරකොන්
අගවිනිසුරුතුමා ගෙදර යැවුවේ. පසු ගිය ආණ්ඩු කාලේ ශිරානි බණ්ඩාරනායක
අගවිනිසුරුතුමියට චෝදනාවක් අවා චෝදනා පෙත්සමකින් කථානායකතුමා භාරදිලා කථානායකතුමා කමිටුවක් පත්කරලා අපේ විමල් විරවංශ
මන්ත්‍රිතුමා ඒ ගැන විමර්ශනය කරලා වාර්ථාව විවාද කරලා ජන්ද විමසිමක් කරලා
පර්ලිමෙන්තුවම තමයි තිරනය කළේ ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුතුමි ගෙදර යා යුතුයි
කියලා. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමා ලියුමක් යැවුවේ නැ අයේ නාවට කම් නැ
ඉතින් කියලා. හැබැයි සිරිසේන මැතිතුමා හිතුනාම අගවිනිසුරුතුම හොද නැතේය එතුමා ගෙදර
යවලා මට ඕන කෙනෙක් පත්කර ගන්න ඕනේ කියලා කෙලින්ම මොහාන් පිරිසට ලියුමක් යවනවා අද
සිට ඔබ ගෙදරය මට ශිරානිව ඕනේය කියලා. මෙවැනි දෙයක් මගේ දැනුමේ හැටියට නම් ලෝකයේ
වෙනත් කිසිම ප්‍රජාත්‍රන්තවාදි රටක සිදුවෙලා නැ.
දැන් බලන්න අපි පර්ලිමෙන්තු පාරේ අප්‍රේල් මාසේ 21 දා උද්ගෝෂණයක් කලා අණ්ඩුවට විරුද්ධ
පොලිසිය මෙක අධිඅරක්ෂිත කලාපයක්ය එහි උද්ගෝෂණ කරන්න තහනම් කියලා උසාවි නියෝගයක්
අරගෙන අවා. විපක්ෂයේ උද්ගෝෂණය අධිඅරක්ෂිත කලාපයක් බැවින් තහනම්ය. ඊට දවස් 6කට පස්සේ එනම් අප්‍රේල් 28 මාදුරුවාවේ සෝභිත හිමියන් ඇතුළු ව
අණ්ඩුවේ පක්ෂිකයන්ගේ උද්ගෝෂණක් තිබ්බා අණ්ඩුවට පක්ෂව එතකො මෙය අධිඅරක්ෂිත කලාපයක්
නෙවෙයි. එකට කිසිම තහනම් නියෝගයක් තිබුනේ නැ. ඒ වගේම අල්ලස් කොමිසම ඉදිරිපිට ජනතා
විමුක්ති පෙරමුනේ වසන්ත සමරසිංහ මන්ත්‍රිතුමා, ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ
මන්ත්‍රිතුමා, අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ගෝෂණය කලා කිසිම තහනම් නියෝගයක් අවේ නැත.
හැබැයි අපි උද්ගෝෂණය කරන්න යන කොටම පොලිසිය අරන් එනවා තහනම් නියෝගයක් අද තියෙන්නේ
වර්ණ සංවේදි පොලිසියක් සමාන්‍යෙයන් මිනිස්සුන්ට හැදෙන්නේ වර්ණ අන්ධතාවය පොලිස්යට
තියෙන්නේ වර්ණ සංවේදිතාවය. කොළ පාට දැක්කම වල්ගේ වනන නිල්,රතු,කහ පට දැක්කම හපාකන වර්ණ සංවේදි
පොලිසියක් අද මේ රවේ බිහි වෙලා තියෙනවා. ඒ වගේම අපි කලින් කථා කලා පොලිස්පතිතුමා විසින් පෙබරවාරි මාසේ ගැසට්
නිවේදනයකින් පිහිටවපු බරපතල මුල්‍ය අපරාධ
විමර්ශක කොට්ටාශය මේ කොට්ටාශය දේශපාලනය
වුනා කියන්නේ ලෝකයේ කිසිම පොලිසියක් නැ දේශපාලකයන් විසින් ලැබෙන පැමිණිලි තොරා
බේරා විමර්ශනයට එවන ලෝකේම නැ ඉතා වගකිමෙන් කියන්නේ. අද අපි බරපතල මුල්‍ය අක්‍රමිකතා
කියන්න ඔනේ අගමැති ප්‍රම්‍රඛ අනු කමිටුවට ඉස්සේලාම බන්නේ චෝදනව එල්ල කරන්නේ කාටද?
ඒ
චෝදනාව ලබන කෙනා යමපාලනයට සුදුකොඩ් වනපු විපක්ෂයේ නම් පොඩිකලා දැම්මා කුණු කුඩෙට.
යම පාලනයට විරුද්ධව සටන් වදින නායකයෙන් නම් වැරුද්දක් සොයා ගැනිමට නොහැකිනම්
නොනාගේ උප්පැන්නේ දිනේ වැරදියි කියලා හරි දානවා ඇතුලට. එතකො දේශපාලකයා විසින් තමයි තිරණය කරන්නේ කාගේ
චෝදනා විමර්ශනය කරනවාද , කාගේ චෝදනා විමර්ශනය නොකරනවාද යන වග.
මෙහෙම පොලිසියක් ලෝකයේ නැ. මම නීතිඥ වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර
මැතිතුමාට පුංවි ප්‍රශ්න පත්රයක් ඉදිරිපත් කරන්න කැමතියි. මං හිතනවා එතුමා
කඩිනමින් උත්තර දෙයි කියලා.
ප්‍රශ්න අංක 01
අගවිනිසුරුවරයා නැති බලයක් අරෝපණය කරගෙන ජනාදිපතිවරයා විසින් ගෙදර
යැවු වෙත් රටක් තිබේද?
ප්‍රශ්න අංක 02
දින හතක් ඇතුලත එකම ස්ථානය
අධිඅරක්ෂිත කලාපයක් යැයි කියමින් පොලිසිය විසින් විපක්ෂයේ උද්ගෝෂන තහනම්
කරමින් ආණ්ඩුවේ උද්ගෝෂන වලට සහාය දුන්නු පොලිසියක් තිබෙන වෙනත් රටක් තිබේද?
ප්‍රශ්න අංක 03
අල්ලස් කොමිසම ඉදිරියේ ආණ්ඩු පාක්ෂිකයන්ට උද්ගෝෂන කරන්න සලසමින්
විපක්ෂයේ උද්ගෝෂන පමණක් තහනම් කරන පොලිසියක් තිබෙන වෙනත් රටක් තිබේද?
ප්‍රශ්න අංක 04
පැමිණිලි දේශපාලකයන් තොරා බේරා එවන එවා පමනක් විමර්ශනය කිරිමේ බලය
තිබෙන පොලිස් කොට්වාසයක් තිවෙන පොලිසියක් තිබෙන වෙනත් රටක් තිබේද?
රුවන් ගුණසේකර මැතිතුමාට මෙම ප්‍රශ්න 4රට කඩිනමින් පිලිතුරු දිලා එතුමාගේ
දැනුමත් රටේ ජනතාවගේ දැනුමත් වැඩිකරන්න කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තුවෙනවා. අපි හිතනවා එතුමා
කියයි කියලා ජිප්සිස් වල සුනිල් කියුවා වගේ එංගලන්තේ එංගලන්තේ ලංකාවේ එහෙම වෙන්නේ
නැ එහෙම පිලිතුරක් නෙවෙයි සධාරන පිලිතුරක් ලබා දෙයි කියලා අපි විස්වාස කරනවා.
අපේ කුරුණැගල රැළිය ආණ්ඩුවට උණ ගැනෙනෙ මට්ටමට ඇවිත් කියන එක තමයි
කුරුණැගල රැළිය ඉලක්ක කර ගනිමින් මේ කරන මර්ධනයෙන් අපිට පෙන්නේ. අපේ රටේ වෙසක්
සතිය ඇතුලත භික්ෂුන් වහන්සේලා නම නමක් පදනම් විරහිත චෝදනාවක් ඉදිරිපත් කරලා
උසාවියට ගෙන යාමට කටයුතු කරලා තියෙනවා හෙට දිනයේ ඒ වගේම මේ ආණ්ඩුවට එරෙහිව හඩක්
නගන මහජන නියෝජිතයින් 18 දෙනෙකු හෙට පදනම් විරහිත චෝදනාවක්
නගමින් පට්ටපල් බොරු චෝදනා නගමින් උසාවි ගෙන යාමට කටයුතු කරලා තියෙනවා පොලිසිය විසින්
උසාවියත් නොමග යවලා තියෙනවා. හෙට මට උසාවියේ කරුණු දැක්විමට තිබෙන නිසා මාධ්‍ය
ඉදිරියේ ඇයි මේ පදනම් විරහිත කියන්නේ ඇයි මේක පට්ටපල් බොරුවක් කියන කරනය ඉදිරිපත්
කරන්නේ නැ. මට කුරුණැගල රැළියට එන්න වෙන
එකක් නැ හැබැයි අපිව හිර කළත් හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බැ යකාට බය නම්
සොහොනේ ගෙවල් හදන්නේ නැ.
– අරවින්ද අතුකෝරල
No comments:
Post a Comment