Monday, May 25, 2015

රජවරුන් සඟවාගෙන සිට රජ පුටුවේ වාඩිකරවන්නේ පන්සලයි.. ‘අභයාරාමය’ ඒ අභීත පන්සලයි…

රජවරුන් සඟවාගෙන සිට රජ පුටුවේ වාඩිකරවන්නේ පන්සලයි.. ‘අභයාරාමය’ ඒ අභීත පන්සලයි… රජවරුන් සඟවාගෙන සිට රජ පුටුවේ වාඩි කරවන්නේ පන්සලෙන් බවත් ‘අභයාරාමය නොහොත් භය නැති ආරාමය’ අද කරන්නේ එය බවත් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.
කොලඹ අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙසේද අදහස් පලකලේය.
මහ බැංකු බැදුම්කර වංචාව පිළිබද සියල්ල අද හෙළිවී හමාර නිසාත් තමන්ගේ ගැලවිද්‍යාව බවට වර්ථමාන අගමැතිතුමා පත්කරගෙන තියෙන්නේ අපි කළාට මොකද උනුත් කළානේ කියලා අද අපිට චෝදනාවකි කරනවා. පසුගිය ආණ්ඩුව සමයේ ත්‍රිලියන 2.7ක මහ බැංකු බැදුම්කර වංචාවක් සිදුවේලා තියෙනවා කියලා. ජි.එල් පිරිස් මන්ත්‍රිතුමා ඉතා පැහැදිලිව මතුකලා ඇයි මෙතෙක් කල් හඩ නැගුවේ නැත්තේ කියලා දැන් හඩ නැගුවට කමක් නැ අපි ගණන් හදලා පෙන්නුවා 9% තිබුණු පොලිය 11.75% දක්වා වැඩි කරලා වසර 30ක කාලයකට එක දිගු කරලා රුපියල රුපියල් බිලියන 45ක පඩුවක් සිද්ද කලාය. ඒ පාඩුව එන්න එන්ම වැඩි වෙනවාය කියලාය. අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අභියෝග කරනවා අපේ ආණ්ඩුව සමයේ මහ බැංකු බැදුම්කර පාඩුව බිලියන 2700ක් නැත්නම් ත්‍රිලියන 2.7ක වචාවක් කළා නම් කවදා කොහොම කියකින් සිදුවුද කියලා ගණන් හදලා පෙන්වන්න එහෙම නැතුව මේ හිතලු කථා කියන්න එපාය කියලා අපි අගමැතිතුමාට ප්‍රකාශ කරනවා. ඒ වගේම පෙබරවාරි 27 වෙනි දා අර්ජුන් ඇලොසියස් සහ ඔහුගේ මාමණ්ඩි අර්ජුන් මහෙන්ද්‍රන් එකට එකතු වෙලා කරපු මේ මහ බැංකු බැදුම්කර වංචාව පිළිබද  රටේ දැවැන්ත ආන්දොලනයක් පවතිත්දිත් මේ මාමාගේ සහ බැනගේ හොරකමට තියෙන බය ගියේ නැ. එහෙම තිබිය දි අපි දන්නවා පසුගිය අප්‍රෙල් මාසේ 15 වන දා අලුත් අවුරුදු නිවාඩු අවසන් කරලා මුල්‍ය වෙළදපොල ආරම්භ කරන දවසේ ශ්‍රි ලංකාවේ මහ බැංකුව නිල පොළි අනුපාතය 0.5% අඩුකරන බව ප්‍රකාශකලා. අපි දන්නවා වෙළදපොලේ නිල පොළි අනුපාතය අඩු කරාම එතෙක් නිකුත් කරලා තියෙන මහා භාණ්ඩාගාර බිල්පත් සහ මහ බැංකු බැදුම්කරවල වටිනාකම ඉහල යනවා 15 වෙනි දා මේ නිවේදනය කරන්න කළින් මහ බැංකු අධිපතිගේ බැණා අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සමාගමෙන් වෙළදපොලේ තිබුණු මහා භාණ්ඩාගාර බිල්පත් සහ මහ බැංකු බැදුම්කර විශාල ලෙස මිල දි ගන්නවා. එහෙනම් මේ සිද්දිය වෙළදපොලේ සිදුවෙන බව ප්‍රකාශකරන්න කළින් මාමණ්ඩි බැණන්ඩිට  රහසින් කියු බවට අපිට සදාරන සැකයක් තියෙනවා. නැත්නමු කොහෙමද එදා ඒ රුපියල් බිලියන 10 බැදුම්කර නිකුත් කරද්දි අනිත් හැමෝම බිලියනයට ලැස්තිවේලා එද්දි බැණා විතරක් බිලියන 10කට ලැස්ති වේලා එන්නේ එතනින් වංචාව සිදුවුනේ. ඒ වංචාව ගැන රටේ කතා කෙරෙද්දිත් බය නැතුව මාමා බැණාට කියනවා පොලි අනුපාතය අඩුකරනවා බැණෝ පුලුවන් තරම් බැදුම්කර මිල දී ගණින් ඉදිරි සති වලදි වැඩි ගාණකට විකුන ගන්න පුලුවන්. ඒ නිසා මේ හොරකම එක පැත්තකින් ලැජ්ජ බය නැතුව මාමායි බැනයි එකතු වෙලා කරන්නේ. හැමදාම උදේට මාමායි බැණයි ඇහැරලා කියනවා ඇති අනේ ඉතින් අපි දෙන්නට අගමැති රනිල්ගේ සරණයි කියලා. මේ අය ඉතා පැහැදිලිව දන්නවා මේ මාමායි බැණයි මොනවා කළත් වර්ථමාන ආණ්ඩුව රකිනවා කියලා එහෙනම් මේ කට්ටිය හොරකම් කරන්නේ තමන් වෙනුවෙන් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ද කියලා සධාරන සැකය අපිය ඇති වෙනවා. ඒ නිසා වර්ථමාන ජනාධිපතිතුමාට කියනවා මේ මහා හොරකමේ කුණු ටික තමන්ගේ ඇගේ ගැවෙනටව අකමැතිනම් වහාම ජනාධිපති කොමිසමක් පත් කරලා මේ ගැන විවෘතම සියළු තොරතුරු සොයා බලන්න හැබැයි එක අගමැතිතුමා පත්තළා වගේ හොරාගේ යාළුවන්ගෙන් පේන බලන කොමිසමක් නම් වෙලා වැඩක් නැ. ස්වාධින, පුර්ණ බලැති ජනාධිපති පරික්ෂන කොමිසමක් පත්තල යුතයි කියන එක තමයි අපගේ ස්ථාවරය. ඒ වගේම ජනාධිපතිතුමන් අපි දැක්කා උතුරේ කොටි සංවිධානය විසින් මහ ඉහලින්  අපි දන්නවා දකුනේ යුධ විරු සතිය රණවිරු සැමරුම් සතිය කගේදෝ හිත් රිදෙනවා කියලා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කියලා රණවිරු සතිය තහනම් කරන්න කියලා දකුනේ රණව්රු සතිය තහනම් වුනාට උතුරේ මහාවිරු සතියනම් මහ ඉහලින් සැමරුවා.  ඒ දැන දකිත්දි දරා ගන්න බැරි සිත් වේදනාවට අපි මහා කැපකිරිම් කර බේරාගත් මව්බිම යළි බේදුම්වාදින් අතට පත්කරන්න එපා කියලා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුවෙන් ඉල්ලිමක් කලා. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසනවා එහෙම දෙයක් මට බුද්ධි අංශ වාර්ථා කරලා නැ මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නේ කොහොමද කියලා. ජනපතිතුමනි ඔබතුමා නොදන්නා වුනාට මුලතිව් උසාවියට පොලිසිය වාර්ථා කරනවා කොටි සංවිධාන මියගිය කොටි සිහිපත් කරන්න මහාවීර සතියක් ප්‍රකාශ කරලා තියෙනවාය එක නවත්වන්න සති දෙකකට සියළුම ආකාරයේ කොටි සැමරුම් නවත්වන්න තහනම් නියෝගයක් ලබා දෙන්න කියලා උසාවියෙන් තහනම් නියෝගයක් ඉල්ලා සිටිනවා. එහෙමනම් පොලිසියට තොරතුරු ලැබෙන්න කලිනුයි බුද්ධි අංශ මේ පිළිබද දැනගත යුත්තේ බුද්ධි අංශ වල වගකිම තමයි කාටත් තලින් රටේ සිදුවන දේ දැනගෙන රටේ නායකයාට සේනාධිනායකයට වාර්ථා කිරිම. ජනිධිපතිතුමා බුද්ධිඅංශ මේ පිළිබද වාර්ථා කලේ නැ කියන ප්‍රකාශ ඇත්තනම් පොලිසිය තොරතුරු සොයා ගෙන උසාවියට වාර්ථා කරන තුරුත් බුද්ධි අංශ ජානාධිපතිතුමාට වාර්ථා කලේ නැ කියන්නේ අපේ බුද්ධි අංශ නිදියි කියලා ජනාධිපතිතුමා රටට කියන්නේ. එහෙමනම් දිනේෂ් ඇමතිතුමලා අපි එකතු වෙලා  අපි කරගෙන යන මේ මව්බිම අනතුරේ කියන ව්‍යාපාරය හරියටම හරියි කියලා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් තහවුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ජනපතිතුමනි ඔබ නිදිකරවා සිටින බුද්ධි අංශ අවදි කරන්න කාලය හරියි කියලා අපි එතුමන්ට සිහිපත් කරනවා.
ඒ වගේම මේ දවස් වල කථාවක් යනවා සුළු ජාතික ඡන්ද දිනා ගැනිමට නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති අපෙක්ෂකයා ලෙස නම් කරලා හරි යන්නේ නැ එ නිසා එතුමාගේම එකගතාවයෙන් එතුමාගේම සහෝදරයෙකු වන චමල් රාජපක්ෂ මහතා පත් කරනවාය කියලා කටකතාවක් යනවා. අගමැති අපෙක්ෂකයා ලෙස අපිටත් නායකත්වය දෙන දිනේෂ් මැතිතුමාය කියලා තව කටකතාවක් යනවා. ඒ වගේම සියළු දෙනාගේම අශිර්වාදයෙන් හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතාය කියලා තව කථාවක් යනවා. අන්තර්ජාලයේ මේ දිනවල මේ කටකතා සැරිසරනවා. අපි ඉතා වගකිමෙන් ප්‍රකාශ කරනවා අපගේ අගමැති අපෙක්ෂක  මහින්ද මහින්ද මහින්ද පමණමයි. ඒ සහතිකය අපි ජනතාවට දෙනවා. ඒ වගේම සුළුජාතික ඡන්ද නැති නිසා මහින්ද මහත්තයා අගමැති අපෙක්ෂකයා වුනොත් දිනන්න බැරි කථාවේ ඇත්තක් තියෙනව ද?  සරල උදාහරණයක් මම දෙන්නම් මහින්ද  මහත්තයා ලක්ෂ 58ක් ගන්නවා සිරිසේන මහත්තයා ලක්ෂ 62ක් ගන්නවා දැන් මේ ලක්ෂ 62 ඇතුලේ ඉන්න දෙමළ ජාතික සන්ධානය කියනවා අපි ඡන්දේ ඉල්ලන්නේ තනිවම කියලා ලක්ෂ 07ක් ගැලවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපි තරග කරන්නේ තනිවම කියලා ලක්ෂ 05ක් ගැලවෙනවා. මොහොතකට එජාපයියි මෛත්‍රි පිලයි වෙනම තරග කරන එත අමතක කරලා අපි හිතමු සිරිසේන මහත්තයාගේ සියළුම බලවේගයි, හෙළ උරුමයි, ප්‍රජාත්‍රන්තවාදි පක්ෂයයි, මුස්ලිම් කොම්රසයයි, රිෂාඩි බදුර්දින්ගේ පක්ෂයයි මේ ඔක්කොම එකට සිටියත් ලක්ෂ 62න් ලක්ෂ 12ක් ගියාට පස්සේ එතන තියෙන්නේ ලක්ෂ 50යි. අපි ගාව තියෙනවා ලක්ෂ 58ක් එතකෙට මහින්ද මහත්තයා ලබා ඇති ඡන්ද ප්‍රමාණය පර්ලිමේන්තු මැතිවරණයක පහසු ජයක් ලබන්න හොදටෝම ඇති. අමතක කරන්න එපා අපි මේ කථා කරන්නේ ජනවාරි 08 තත්වය යහපලනයට පින් සිද්ද වෙන්න හංසයාට කතිරය ගැහුව දස ලක්ෂයක් වත් මේ පැත්තට ඇවිත් තියෙනවා. එහෙනම් 50න් දහයක් අඩුකලාම 40 මේ පැත්ත 68යි. ඉතින් තවත් අමුතු ඡන්ද එකතු වෙන්න ඕනේ නැ මහින්ද මහත්තයාට ජයග්‍රහණය කරන්න ඒ නිසා මේ කතා පදනම් විරහිත කිසිදු විද්‍යා සංඛ්‍යා ලේකන පදනම් වී කියන කතා නෙවෙයි මේවා හිතළු පමණක් බව අපි ජනතාවට කියන්න කැමතියි. තවත් ගැලවිද්‍යාවක් විදියට කියනවා අපි අගමැති අපෙක්ෂකයෙක් නම් කරන සම්ප්‍රධායක්  නැහැ මේක තරම් තවත් විහිලුවක් නැ.
පසුගිය ජානාධිපතිවරනයේ දීත් අගමැත් අපෙක්ෂකයෙක් නම් කල පක්ෂෙට අගමැති බිහිකරන පර්ලිමේන්තු මැතිවරනෙට අගමැති අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැ කියන එක ලොකු විහිලුවක් පමනයි. එජාපය ඉතා පැහැදිලිව අගමැති අපෙක්ෂකයා රනිල් වික්‍රමසිංහයි කියා නම් කරනකොට ඔහුට තරග දිය හැකි මහින්ද රාජපක්ෂ මහතා මේ පැත්තෙන් ආයුතුමයි එක හුද කලා කරනවා කියන්නේ හිසක් නැති කවන්දයක් බවට අපේ මැතිවරන සටන පත් කරනවා කියනේ එජාපයේ ජයග්‍රහනයට වෙනුවෙන් පාර කපා දෙනවා කියන එකයි. එජාපය ජයග්‍රහනය කරවිමට අවශ්‍ය පිරිස්  අපේ පිලේ ඉන්න පුළුවන් නමුත් අපි එකට ඉඩ දෙන්නේ නැ. අපි ඉදිරි පර්ලිමෙන්තු ඡන්දෙදි එජාපයට මෙතෙක් ඉතිහාසයේ සිදු වු දරුණුතම පරාජය ලබා දීමට අපි සියළු කටයුතු සුදානම් කරලා තියෙන්නේ. අපිට වඩා එකට උනන්දුව තියෙන් අපේ රුස්විම් වලට මහ වැස්සේ, අව්වේ ඇවිල්ලා රැස්කකා ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවයි. ඒ වගේම කියනවා රනල් වික්‍රමසිංහ මැතිතුමාට ජන වරමක් තියෙනවා. අගමැති වෙන්න මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියුවා මගේ අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාය කියලා. එක ප්‍රජාත්‍රන්ත විරෝධි කාරනයක් ජනාධිපතිවරනයකින් අගමැති කෙනෙක් පත්කරන්න බැ අද එජාපයේ ඇමතිවරු රුපවාහිණි සංවාද වලට ඇවිත් කියනවා අපේ නායකයාට පින් අගමැති කියන්න එපා එතුමා ජනවරමකින් පත්වුනේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් නිසා සිරිසේන මහත්තයා ජනවරම තුල වික්‍රමසිංහ මහත්තයාට ජනවරම තිබෙනවාය කියලා. මේක ඇත්තනම් අපිටත් ලස්සන වැඩක් කරන්න තිබුනා අපි දන්නවා 1960 මේපිට කොළඹ මහ නගර සභාව එජාපයෙන් පිටට ගිහින් නැ අපි අවුරුදු 21ක් රට පාලනය කලා හැමදාමත්  කොළඹ මහ නගර සභාව එජාපයට අපිටත් තිබුනා කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරන ප්‍රකිශනයේ දානවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනපති වුනොත් කොළඹ නගර සභාවේ නගරාධිපති වන්නේ සන්ධාන කණ්ඩායම් නායක අජන්ත ලියනගේය. එහෙම කරලා අපිට කවදාවත් දිනන්න බැරි කොළඹ නගර සභාවේ නගරාධිපතිට අජන්ත ලියනගේ මහතා පත් කරනවා. ඒ වගේම වැඩක් තමයි කවදාවත් පාර්ලිමේන්තු මැතිවරණයක් දිනන්න බැරි  රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ප්‍රතිපත්ති ප්‍රකිශයක් හරහා හොර පාරේ අගමැති කරන එක. එහෙනම් අපි එක කරෙත් නැ කරන්නෙත් නැ එක ප්‍රජාත්‍රන්ත විරොධියි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කවුරු පින් අගමැති කියුවත් ඇත්ත තිත්ත වුනත් එක පිළිගන්න ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා අගමැති වෙන්න බැ පර්ලිමේන්තු ඡන්දේ දිනලා ගෞරවයෙන් එන්න අන්න එදාට අපි අපේ ගරු අගමැති කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි කතා කරනවා.
මේ පන්සල ගැනත් මේ දවස් වල හරියට කතා කරනවා අභයාරාමයේ ඉදන් දේශපාලනය කරනවා, බෝධි පුජා කරමින් දේශපාලනය කරනවා, වටිනවද පන්සලක ඉදන් දේශපානය කරන්න කියලා අද ආණ්ඩුවෙන් ලොකු චෝදනාවක් මතු වෙනවා. අභයාරමය කියන්නේ බය නැති පන්සල කියන එක අභය කියන්නේ බය නැ කියන එක ආරාමය කියන්නේ පන්සල. මේ බය නැති පන්සලේ දේශපාලනය කරන්නේ එක අපේ ඓතිහාසික උරැමයක් තියෙනවා. පන්සලේ දේශපාලනය කරන්න එපා කියලා මේ කියන්නේ මේ රටේ ඉතිහාසය නොදන්න අය බටහිරට ගැති මනසිකත්වයක් ඇති අය අපේ රටේ දේශපාලනය කරන්නේ පන්සලේ තමයි. මහාවංශය කියවලා බලන්න රජවරු බිහිකරන්නේ පන්සලෙන්, රජවරු එලවන්නේ පන්සලෙන්, පැරදුන රජතුමා සගවාගෙන ඉදලා අපහු රජකමේ වාඩි කරන්නේ පන්සලෙන්, යුද්දෙට සේනා සංවිධානය කරන්නේ පන්සලෙන්, ආයුධ සගවලා තියන්නේ පන්සලේ, මහාවංශය කියවලා නැත්නම් එවා කියවලා තේරුම් ගන්නත් බැරිනම් අපි ආණ්ඩුවේ බලදරයන්ට කියනවා සිරිපැරකුම් මහරජ ගැමුණු චිත්‍රපට දෙකවත් බලලා මේ රටේ ඉතිහාසය හා පන්සලේ දේශපානය අතර සම්බන්දය තේරුම් ගන්න කියලා. අවසන් වශයෙන් අපට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව අපිව දඩයම් කරමින් ඉන්නවා මේ ආණ්ඩුව ගැන මට කියන්න තියෙන්නේ ගල් බනිස් වල ගල් නැ වගේ,කිඹුලා බනිස් වල කිඹුලා නැ වගේ, කට්ට සම්බොල වල කට්ට නැ වගේ, මෛති‍්‍ර පාලනයේ මෛති‍්‍ර නැ මෛත්‍රිය ඇරෙන්න අනිත් ඔක්කොම තියෙනවා’
– අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment