Monday, May 25, 2015

ගල් බනිස්වල ගල් නෑ, කිඹුලා බනිස් වල කිඹුලා නෑ

ගල් බනිස්වල ගල් නෑ, කිඹුලා බනිස්වල කිඹුලා නෑ, මෛත්‍රී පාලනයේ මෛත්‍රීය නෑ!
ගල් බනිස්වල ගල් නෑ, කිඹුලා බනිස් වල කිඹුලා නෑ ඒ වගේම මෛත්‍රී පාලනයේ මෛත්‍රීය නොමැති බව පිවිතුරු  හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

මෛත්‍රී පාලනයෙන් සන්ධානයේ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෑනීම   හේතුවෙන් මෙසේ පවසන බව අද නාරහේන්පිට, අභයාරාමය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවෙදීන් නෑගූ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. 

 එසේම  ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හරහා අගමැතිවරු පත් කර නොහැකි බවත්, තිත්ත වුණත් ඇත්ත කිව යුතු බවත්, ඔහු එහදී කීවේය.

තවද  පසුගිය දින  නිකුත් කරන ලද  බැඳුම්කර නිකුතුවේ සිදුවුවේ යැයි කියන වංචාව යටපත් කිරීම සඳහා පසුගිය ආණ්ඩු සමයේ ඇතිවුවේ යැයි කියන  දුෂණ වංචා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හුවා දක්වන බවද ගම්මන්පිල මහතා අවධාරණය කළේය.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන ආකරයට  මහ බැංකුවේ බිලියන 2700ක දුෂණයක් සිදුවුවේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙස අභියෝගයක් කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය. 

No comments:

Post a Comment