ජනාධිපතිතුමනි රැවුලයි, කැඳයි දෙකම බේරගන්න බෑ
මහා
මැතිවරණය පිළිබඳ සිහිනය දවසින් දවස බොඳ වෙමින් පවතී ජනාධිපති
මෛත්‍රීපාල මැතිතුමා බලාපොරොත්තු වන ආකාරයට එක්‌සත් ජාතික
පක්‍ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු සන්ධානයත් සම්බන්ධ
කරගෙන රජයක් පිහිටුවීමට එතුමා බලාපොරොත්තු වන්නේ නම් එය
කවරදාකවත් ඉටුවන දෙයක් නොවේ. මේ රටේ ජනතාව එතුමාට ජනවරමක්
ලබා දුන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය බලයට පත් කිරීමට නොවේ ජනතා
බලාපොරොත්තුව වූයේ රාජපක්‍ෂ රජයේ අඩුපාඩු සකස් කිරීමට නව
ජනාධිපතිවරයෙකුගේ නායකත්වයෙන් යුත් නව රජයක් පිහිටුවීමටය.එය එක්‌සත් ජාතික පක්‍ෂ රජයක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු සන්ධාන රජයක් විය හැකිය. එසේ නැතිව දින සියයක් ඉදිරියට දමාගෙන දෙපක්‍ෂයම ඇනකොටා ගැනීමට මඩ ගසා ගැනීමට ඉඩ හැරීම විහිළුවකි.
ජනාධිපතිවරයා විසින් කළ යුතුව තිබුණේ කොතරම් බලවේග ආවත් පොරොන්දු වූ දින සියය ඉක්‌මවීමත් සමගම ජනාධිපති බලතල යොදා වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරණයකට යාමය.
එලෙසම ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද එතුමාට නොලැබුණ නිසා එම පක්‍ෂයේ සභාපතිකම භාර නොගෙන පක්‍ෂයෙන් ඉවත්වී ස්‌වාධීනව කටයුතු කිරීමය. එසේ කළා නම් දින සියයක් ඉදිරියට දමා ගැනීම විහිලුවක් වන්නේ නැත.
එසේ නැතිව සන්ධානය එක් සාක්‌කුවකත් එක්‌සත් ජාතික පක්‍ෂය අනිත් සාක්‌කුවේත් දමාගෙන ඉදිරියට යාම අවුලක් බව එතුමාම තේරුම් ගත යුතුය. කරත්තය කොතරම් දුරට ගියත් රෝද දෙක එකට යාවන්නේ නැති බව තේරුම් ගත යුතුය.
එස්.එල්. ඩබ්ලිව්. ගුණවර්ධන
උණවටුන
No comments:
Post a Comment