|
|
|

හමුදා නිලධාරීන් 6ක් ඇතුළු 12කට එල්ල
කළ
අභූත යුද අපරාධ චෝදනාව
ශ්‍රී
ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා පරීක්‍ෂණ
මණ්‌ඩලයේ විමර්ශන වාර්තාව එළිදැක්‌වීමට තව ඇත්තේ දින 114 කි.
එහෙත් ප්‍රභාකරන්ගේ නීති උපදේශකයා ලෙස ක්‍රියා කළ ඇමරිකාවේ
පදිංචි විශ්වනාදන් රුද්රකුමාරන් ශ්‍රී ලංකා රජය රණවිරුවන් සමරන
අවස්‌ථාවේ 12 කට එරෙහිව එකී පරීක්‍ෂණ මණ්‌ඩලයට සන්දේශයක්
යවමින් එකී පිරිසට සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරනු ලැබීය.
රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයක් පිහිටුවාගෙන
සිටින රුද්රකුමාරන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ,
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, හිටපු ආරක්‍ෂක ලේකම්
ගෝඨාභය රාජපක්‍ෂ මේජර් ජනරාල්වරුන් වූ ජගත් ඩයස්, නන්දන
උඩවත්ත, කමල් ගුණරත්න සහ හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර
සමරසිංහ, වසන්ත කරන්නාගොඩ සහ යාපනය ආණ්‌ඩුකාරයාව සිටි ජී. ඒ.
චන්ද්‍රසිරි සහ එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතව සිටි පාලිත
කොහොන යන පිරිසට එකී බොරු චෝදනා නඟා ඇත.
එහෙත් ඔවුන්ට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත්තේ සාක්‍ෂිකරුවන්
ඉදිරිපත් කිරීමෙන් තොරවය.
රුද්රකුමාරන් ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකත්වයට සහ හමුදා
නායකත්වයට එරෙහිව අභූත චෝදනා එල්ල කරන අවස්‌ථාවේ බ්‍රිතාන්‍ය
ද්‍රවිඩ සංසදය ලන්ඩන් නුවරදී අගමැති ඩේවිඩ් කැමරන්ගේ නිවස
ඉදිරියේ විරෝධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර
අධිකරණයට ගෙන යා යුතු යෑයි කියා සිටියේය. එම අවස්‌ථාවට
මුලතිව්හිදී කොටි ත්‍රස්‌තයන්ට ප්‍රතිකාර කළ වෛද්‍ය වර්ධරාජා ද
පැමිණ සිටියේය.
මෙම පසුබිම මැද එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වූ
යස්‌මිත් සූකා ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්‌තිය සඳහා වූ
ජාත්‍යන්තරය නමින් අලුත් සංවිධානයක් නියෝජනය කරමින් සය වසරකට
පෙර අත්අඩංගුවේ සිටියදී අතුරුදන් වූවන් නමින් වාර්තාවක්
ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඇගේ මෙම වාර්තාවෙන් ජීනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ
ඇතුළාන්තය අනාවරණය විය. යස්‌මින් සූකා ශ්‍රී ලංකා රජයට සහ
හමුදාවට එරෙහිව සකස් කළ තෙවැනි වාර්තාව මෙයයි. ඇය මෙයට පෙර
එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකාවක් ලෙස
ක්‍රියා කළාය. එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමග ඇය දැඩි
සබඳකම් පවත්වයි.
සූකා
ප්‍රකාශයට පත් කළ වාර්තාවේ සඳහන් වූයේ මැයි 18 දා 110 ක
පිරිසක් ශ්‍රී ලංකා හමුදාවට භාර වූ බව දුටු සාක්‍ෂිකරුවන්
සිටින බවයි. මේ සාක්‌කිකරුවන් ශ්‍රී ලංකාවෙන් පැනගිය අය බවද ඇය
වැඩිදුරටත් අනාවරණය කර ඇත.
හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනිය ශ්‍රී ලංකා හමුදාවට භාර වූ
බව කියන පිරිස කවුරුන්ද? ඒ වෙනින් කවුරුවත් නොව කොටි
ත්‍රස්‌තයන්ය. අතුරුදන් වූ බව කියන කොටි ත්‍රස්‌තයන් මෙසේයි.
අයිලන් මාස්‌ටර් (කොටි බුද්ධි ඒකකය) අරමුදන් (ඉම්රාන්
පාණ්‌ඩියන් සේනාංකයේ නියෝජ්‍ය නායක) බේබි සුබ්‍රමනියම් (තමිල්
ඊළාම් අධ්‍යාපන ඒකකයේ ප්‍රධානී)
අරුණම්බි (ඉම්රාන් පාන්ඩියන් සේනාංකයේ නායක) බාලදාස් (කොටි
මුදල් ඒකකයේ ප්‍රධානී ) බාරි (කොටි ගිණුම් පරීක්‍ෂක ඒකකයේ
ප්‍රධානී)
බාබු (කොටි ස්‌වර්ණාභරණ ඒකකයේ සම්බන්ධීකාරක) බාස්‌කරන් (මාංගල්
ආරු කොටි මූලස්‌ථානයේ ප්‍රධානී)
බාස්‌කරන් (කොටි හමුදා නායක සොර්නාම්ගේ සහායක
චන්ද්‍රන් (කොටි හමුදා බුද්ධි ඒකකයරි)
ඉලන්තිරයන් (කොටි හමුදා ප්‍රකාශක)
ඉලම්පරති (යාපනය දේශපාලන නායක)
ඉලංගකුමාරන් (මංගල් ආරු හමුදා නායක)
ඉරුම්පොරායි මාස්‌ටර් (කොටි ස්‌නයිපර් ඒකකයේ ප්‍රධානී)
ඉසිප්‍රියා (කොටි මාධ්‍ය ඒකකය ජාවන් (කොටි හඬ ගුවන්විදුලිය)
කාන්ති (සිරගෙවල් සම්බන්ධව කොටි බුද්ධි ඒකකයේ ප්‍රධානී)
ජෙයරාඡ් (කොටි මූල්‍ය ඒකකය)
කන්නන් (කොටි ශිෂ්‍ය ඒකකයේ ප්‍රධානී)
ලෝගනාදන් අරුණාසලම් (කොටි දේශපාලන ඒකකයේ ආරක්‍ෂක කටයුතු භාර
නායක)
කරිකාලන් (නැගෙනහිර හිටපු කොටි හමුදා නායක)
කරුවන්නන් (කොටි විරුවන් සඳහා වූ වාහන අංගනයේ ප්‍රධානී
කිනි - ගැටුම් කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානී)
කුයිලන් (කොටි හමුදා බුද්ධි සේවාව)
කුමාරන් (කොටි හමුදා නායක බාල්රාඡ්ගේ ඥාතියා)
කූනම් (ත්‍රිකුණාමලයේ කොටි හමුදා නායක)
කුට්‌ටි (පාණ්‌ඩියන් ගබඩාවේ නායක)
ලෝරන්ස් (වවුනියා කොටි හමුදා නායක
මාදවන් (ඊළාම් පොලිසියේ නියෝජ්‍ය පොලිස්‌පති)
මජිත් (කොටි හමුදා පොලිසියේ පරිපාලන නිලධාරී)
මනිරාසන් (කොටි හමුදා නායක)
මාතු (ත්‍රිකුණාමල කොටි හමුදා ඒකකය)
මිරේශ් (කොටි නිදර්සනම් රූපවාහිනිය)
මුහුන්දන් (උතුරු සටන් පෙරමුණේ ප්‍රධානී)
නේෂන් (කොටි හමුදා බුද්ධි ඒකකය)
නිශාන්තන් මාස්‌ටර් ( කොටි සැපයුම් සේවාව)
ප්‍රභා (කොටි බුද්ධි ඒකකය)
පුරම්සි මාස්‌ටර් (කොටි ස්‌නයිපර්කරු) රාහුලන් (කොටි යාපනය
අනුඛණ්‌ඩයේ නියෝජ්‍ය නායක)
රූබන් (යාපනය කොටි හමුදා ඒකකයේ තෙවැනි නායකයා )
සෙල්වරාසා (යාපනය හිටපු අණදෙන නිලධාරියා)
සිලාම්පන් ( රාධා ගුවන් ඒකකයේ ප්‍රධානී )
සිත්රිපරන් (මාංගල් ආරු දිස්‌ත්‍රික් හමුදා නායක)
සුදර්ශන් (කොටි බුද්ධි ඒකකය)
තනිකයිරාස් (ඉම්රාන් පාණ්‌ඩියන් ඒකකය)
තිරුභාකරන් මයිරමූර්ති (මන්නාරම කොටි සුසාන භූමි පාලක)
මහාලිංගම් ජෙයකාන්තන් (කොටි බැංකුවේ ප්‍රධානී)
මලුවන් මාස්‌ටර් (රාධා ගුවන් ඒකකය)
වේලවන් (ඉම්රාන් පාණ්‌ඩියන් සේනාංකයේ හමුදා නායක)
වේලමාරන් (ප්‍රභාකරන්ගේ ආරක්‍ෂක නිලධාරී)
මෙම නාම ලේඛනයේ දැක්‌වෙන මන්නාරම කොටි සුසාන භුමි පාලකයා කලකට
පෙර හදිසියේ මියගිය බව වාර්තා වීය.
මෙලෙස යස්‌මිත් සූකා වසර හයකට පසු අතුරුදන් පිරිසක් ලෙස
දක්‌වා ඇත්තේ කොටි ත්‍රස්‌තයන්ය. මොවුන් අතුරුදන් වූ බව
පැවසීමට ඇය වසර හයක් ගත කළේ මන්ද? එසේම කොටි සංවිධානය තුළ
ක්‍රියාත්මක වූ පිරිස ගැන ඇයට තොරතුරු සපයා ඇත්තේද කොටි ඩයස්
පෝරාවයි. කොටි ස්‌නයිපර්කරුවන්ගේ සිට ගුවන් යානා නාශක ඒකකය
දක්‌වා ක්‍රියාත්මක වූ මේ කොටි සටන් නොකර හමුදාවට භාර වූ බව
යස්‌මින් සූකා කියන්නේ කෙසේද?
ඉන්ටර්නැෂනල් ටෘත් ඇන්ඩ් ජස්‌ටිස් ප්‍රොජෙක්‌ට් නමැති
ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂකවරිය ලෙස කටයුතු කරන ඇය කොටි
ත්‍රස්‌තයන් 110 ක් අතුරුදන් වූ බව පවසමින් හඬ නඟන්නේ මන්ද?
ඇගේ මේ ව්‍යාපෘතියට අරමුදල් සපයන්නේද කොටි ඩයස්‌පෝරාවයි. මේ
අතර මේජර් ජනරාල් ජගත් ඩයස් මාණ්‌ඩලික ප්‍රධානී ධුරයට පත්
කිරීම ගැන ඇමරිකානු හියුමන් රයිට්‌ස් වොච් සංවිධානය දැඩි
කම්පනයකට පත් වී ඇත.
ජගත් ඩයස් මාණ්‌ඩලික ප්‍රධානි ධුරයට පත් කිරීම පීඩාවට පත්
වූවන්ට කම්බුල් පහරක් දීමට සමාන බව එම රාජ්‍ය නොවන සංවිධානයේ
ආසියානු අධ්‍යක්‍ෂ බ්‍රැඩ් ඇඩම්ස් කියා සිටියේය.
2011 වසරේදී ස්‌විස් කොටි ජාලය මානව හිමිකම් සඳහා වූ යුරෝපා
මධ්‍යස්‌ථානය ලවා ජගත් ඩයස්‌ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත්
කළේය.
ස්‌විස් කොටි ජාලයේ ප්‍රධානී දර්ශිකා පතිරනාදන් නමැත්තිය.
ජිනීවාහි ජර්මානු තානාපති වොන් ෂූබර්ට් හමු වී ජගත් ඩයස්
අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටියාය.
වන්නි මෙහෙයුමට සම්බන්ධ මෙම මේජර් ජනරාල්වරයාව ජර්මන් බලධාරීන්
ලවා අත්අඩංගුවට ගැනීම පිණිස නෝර්වේ කොටි ජාලයේ ප්‍රධානී
පංචකුලසිංහම් කන්දයියාද ඔස්‌ලෝ නගරයේ ජර්මානු තානාපති හමු වී
සාකච්ඡා පවත්වා තිබිණි.
57 වැනි සේනාංකය මෙහෙය වූ ජගත් ඩයස්‌ට එරෙහිව ස්‌විස් ඊළාම්
ද්‍රවිඩ කවුන්සිලය, නෝර්වේ ඊළාම් සංසදය සහ ඇමරිකාවේ ටැග්
සංවිධානය ඒකාබද්ධ වී පිටු 23 ක සාවද්‍ය තොරතුරු ඇතුළත්
වාර්තාවක් යුරෝපා මානව හිමිකම් අධිකරණය වෙතද යොමු කරනු ලැබීය.
එසේම යුරෝපා මානව හිමිකම් අධිකරණය වෙත යොමු කර තිබූ වාර්තාවේ
ප්‍රභාකරන් සම්බන්ධයෙන් අමූලික බොරුවක්‌ද සඳහන් කර තිබුණි.
ප්‍රභාකරන්ව
අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා මරා දමා ඇති බව එකී වාර්තාවේ
දක්‌වා තිබුණි. එම තොරතුරු ලබාගෙන තිබුණේ වෙබ් අඩවියකිනි. එකී
වෙබ් අඩවිය එම තොරතුරු ලබාගෙන තිබුණේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ
නිර්නාමික පාර්ශවයන්ගෙන් බවද වාර්තාවේ සඳහන් විය.
2011 අගෝස්‌තු මස මානව හිමිකම් පිළිබඳ යුරෝපා මධ්‍යස්‌ථානය
ස්‌විට්‌සර්ලන්තයේ බර්න් නුවර රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා වෙත
වාර්තාවක් ඉදිරිපත් කරමින් එවකට ජර්මනියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය
තානාපති වූ ජගත් ඩයස්‌ට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණයක් ආරම්භ
කරන්නැයි ඉල්ලා සිටියේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ස්‌විස් නඩු අධ්‍යක්‍ෂවරයා පරීක්‍ෂණයක්
ආරම්භ කරනු ලැබීය. 2011 සැප්තැම්බර් මස ආරම්භ වූ මෙම පරීක්‍ෂණය
අත්හැර දැමීමට ස්‌විස් බලධාරීන්ට සිදු වූයේ මේජර් ජනරාල් ජගත්
ඩයස් ශ්‍රී ලංකාවට පැමිණීම නිසාය.
එහෙත් ස්‌විස් කොටි ජාලය ජිනීවා සිට ක්‍රියාත්මක වන ට්‍රයල්
නමැති රාජ්‍ය නොවන සංවිධානය ලවා මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට
ගැනීම පිණිස ස්‌විස් බලධාරීන් හමුවේ තවත් වාර්තාවක් ගොනු
කරනු ලැබීය.
සිවිල් වැසියන් සිටි ප්‍රදේශවලට රොකට් ප්‍රහාර එල්ල කළ බවට
එකී සාවද්‍ය වාර්තාවේ සඳහන් කර තිබුණි.
ජර්මන් කොටි ජාලයද 2010 අප්‍රේල් 27 දා ජර්මන්
පාර්ලිමේන්තුවේදී ජගත් ඩයස්‌ට එරෙහිව ප්‍රශ්නයක් නඟා ඔහුට ලබා
දී ඇති තානාපති වර ප්‍රසාද ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එහෙත් ජර්මන් පාර්ලිමේන්තුවේදී ඊට ප්‍රතිචාර දැක් වූ බලධාරීන්
පැවසුවේ එල්ල වී ඇති චෝදනා සනාථ කරගත නොහැකි බවයි. මේ අතර
කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික් සෝල්හයිම් යළි මතු විය.
ඔහු සහ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් අතර
පැරිස් නුවරදී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.
මේ රහස් සාකච්ඡාවේ තේමාව ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ
පරීක්‍ෂණ වාර්තාවයි. ජිනීවා මානව හිමිකම් සැසිවාරය සැප්තැම්බර්
14 දා ආරම්භ වන අතර 15 දා එම පරීක්‍ෂණ වාර්තාව ප්‍රකාශයට පත්
වීමට නියමිතය.
නෝර්වේ මාධ්‍ය දක්‌වන අන්දමට වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදු
වූ දේ නිසි අයුරින් එම වාර්තාවේ සඳහන් වී ඇතැයි සෝල්හයිම් හෙළි
කර ඇත.
ජීනීවා ආරංචි මාර්ග දක්‌වන්නේ වන්නි මෙහෙයුමේ අවසන් සතිය ගැන
සෝල්හයිම් පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‌කි දී ඇති බවයි.
කොටි සංවිධානයේ තමිල් සෙල්වම්, පුලිතේවන් සහ නඩේසන් නමැත්තන්ගේ
අතිජාත මිත්‍රයා වූ සෝල්හයිම්ගේ සාක්‌කිය පරීක්‍ෂණ මණ්‌ඩලය
පිලිගැනීම නිසා ජිනීවාහි සිදු කළ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ
පරීක්‍ෂණ වාර්තාව පිළිගත හැකිද?
මේ අතර මේජර් ජනරාල් ජගත් ඩයස් ජාත්‍යන්තර යුද අධිකරණය වෙත
ගෙනයැම සඳහා ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක ශ්‍රී ලංකා කැම්පේන්
ෙµda පීස් නමැති රාජ්‍ය නොවන සංවිධානයද දැඩි උත්සාහයක යෙදී
තිබුණි.
මේ සංවිධානයේ ක්‍රියාකාරිනියන් ලෙස නෝර්වීජියානු චිත්‍රපට
අධ්‍යක්‍ෂවරියක් වූ ආනේ බියස්‌ටඩ් ක්‍රියා කරයි.
ශ්‍රී ලංකාවට පැමිණ මරාගෙන මැරෙන බෝම්බකාරියන් ගැන වීඩියෝ
පටයක් නිර්මාණය කළේද ඇයයි.
මෙම පසුබිම මැද ශ්‍රී ලංකා හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස
ජගත් ඩයස් පත් කිරීම ගැන කොටි ඩයස්‌පෝරාව එක්‌සත් ජාතීන්ගේ මහ
ලේකම්වරයාටද පැමිණිලි කර ඇත.
මේ පිළිබඳව මහලේකම් බෑන් කී මූන්ගේ ප්‍රකාශක පර්හාන් හක් පවසා
ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඒ ගැන නිරීක්‍ෂණයක් කර
ප්‍රකාශයක් කිරීමට ඉඩ දිය යුතු බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ යුද
හමුදාවට උසස් නිලධාරීන් පත් කිරීමේ ක්‍රියාදාමයට මැදිහත් වීමට
මානව හිමිකම් කවුන්සිලයට හිමිකමක් තිබේද?
මේ අතර සෑම වසරකම ඩුබායි නගරයේ පවත්වන විජයග්‍රහණ සමරුව මෙවර
පැවැත්වීමට නොහැකි ඊට හේතු වූයේ එකී සමරුව පැවැත්වීමට සූදානම්
කර තිබූ ඩුබාහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යලයට කොළඹ විදේශ කටයුතු
අමාත්‍යාංශ බලධාරීන්ගෙන් නියෝගයක් ලැබීමයි. මෙම සමරුවේ
දේශකයන් ලෙස ආචාර්ය ගුණදාස අමරසේකර සහ වසන්ත බණ්‌ඩාර යන
මහත්වරු ඩුබායි නගරයට පැමිණ සිටියහ. කොන්සල් කාර්යලය තුළ
පවත්වන විජය ග්‍රහණ සමරුව නවත් වන ලෙස නියෝග ලැබීම නිසා එකී
සමරු උළෙල නතර කිරීමට ඩුබාහි ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ට සිදු
විය.
මෙම පසුබිම මැද මාණ්‌ඩලික හමුදා ප්‍රධානී ජගත් ඩයස්‌ව වහාම එම
ධූරයෙන් ඉවත් කරන්නැයි විදෙස් රාජ්‍ය නොවන සංවිධාන හතරක්
ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.
මේ සංවිධාන හතරම ස්‌විස් කොටි ජාලය සමග සබඳකම් පවත්වයි.
කීර්ති වර්ණකුලසූරිය |
|
No comments:
Post a Comment