Monday, May 25, 2015

උතුරු අධිවේගය නවතනවා.. නුවරට අධිවේගයක් හදනවා..

උතුරු අධිවේගය නවතනවා.. නුවරට අධිවේගයක් හදනවා.. ගිය ආණ්ඩුව විසින් ඉදිකිරීමට සූදානම් කර තිබූ උතුරු අධිවේගී මාර්ගය වෙනුවට කොලඹ සිට නුවර දක්වා දිවෙන නව අධිවේගී මාර්ගයක් මධ්‍යම අධිවේගී මාර්ගය නමින් ආරම්භ කිරීමට අවධානය යොමු වී ඇතැයි මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.
කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද අදහස් පල කලේය.
‘උතුරු අධිවේගී මාර්ගය කියලා ගිය ආණ්ඩුව අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒ පාර එක පැත්තකින් කුරුණෑගලට යනවා. අනෙක් පැත්තෙන් නුවරට යනවා. ඒක උතුරට යන අධිවේගී මාර්ගයක් නෙමෙයි කියලා නම දැම්මේ ඇයි කියලා මම දන්නේ නෑ.
එනිසා උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වෙනුවට මධ්‍යම අධිවේගී මාර්ගය කියලා නව අධිවේගී මාර්ගයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අවසන් වීමට පෙර ඒකෙ වැඩ ආරම්භ කරන්න.
මෙම මධ්‍යම අධිවේගී මාර්ගය කුරුණෑගල,පොතුහැර දක්වාත් අනෙක් පැත්තෙන් නුවර,දඹුල්ල දක්වාත් අනෙක් පැත්තෙන් නුවර,දඹුල්ල දක්වාත් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා’ යැයි ද ඔහු එහිදී කියා සිටියේය.
8,735 Viewers

No comments:

Post a Comment