‘මහබැංකු අධිපති නිර්දෝෂී බවට වාර්තාවේ නෑ’ – ජී.එල්.
‘‘එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ට නාමයෝජනා අත්සන් කරන
නීතිඥවරු තිදෙනක් සකස් කළ මේ වාර්තාවේ කොහේවත් මහ බැංකු අධිපති අර්ජුන්
මහේන්ද‍්‍රන් මුල්‍ය වංචාවක් නොකළ බවට හෝ නිර්දෝෂී බවට කිසිදු සඳහනක් නෑ.
ඔවුන් මෙහි කියා තිබෙනවා ඉදිරියට මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමේ නීතිමය
බලයක් ඔවුන්ට නොමැති බව. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට දැනට
මාසයක් පමණ ගතවුණත් පැය 2ක විවාදයක් මේ වෙනුවෙන් වෙන් කරන්න කටයුතු කර
නොතිබීම ගැටලූවක්’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටළුව පිලිබදව
දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (25) නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ අතර
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්.එල් පීරිස් මහතා සහ උදය ගම්මන්පිල
මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවැසී ය.
මංජුල ප‍්‍රදීප් වීරසූරිය
No comments:
Post a Comment