බෞද්ධ කිරි පොවමින් හොරුන්ගේ ප‍්‍රශ්න විසඳන්න යක්කු පෙරේතයෝ හිස ඔසවාගෙන එනවා…
May 25, 2015 at 2:10 pm | lanka C news
බෞද්ධ කිරි පොවමින් හොරුන්ගේ ප‍්‍රශ්න විසඳන්න යක්කු පෙරේතයෝ හිස ඔසවාගෙන එන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.ගම්පහ ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිනිය මෙසේද කීවාය.
‘ජනතාව එදා මිනිමරණ ක‍්‍රමයකට විරුද්ධව ගත්ත තීන්දුව වෙනස් කරන්න දෙන්න බෑ. දැන් නිහඩ විප්ලවයට විරුද්ධ ප‍්‍රති විප්ලවය පටන් අරන් තියෙන්නේ. මේ හොරා කාපු හැම කෙනෙක්ගෙන්ම ඇති වෙන්න කාලා තියෙන්නේ. මාලිගා හදලා තියෙන්නේ.
ගිය කාලයේ තිබුණේ හොරා කෑමේ චින්තනයක්. රටට හෙන ගහලා ගියත් කමක් නෑ තමුන් හැදිම පමණයි. ඒ කාලෙ කාපු කෑමේ තරම විදේශ බැංකු වලට බිලියන 1000ක් යයි. ඡුන්දෙ වෙනුවෙන් පටන් ගත්ත ව්‍යාපෘතිවලට බිලියන 750ක්.
ලෝකෙම නායකයෝ විශ්ව විද්‍යාල මහාචාර්යවරු කියනවා අපි නිහඩ විප්ලවයක් තුළින් ලෝකයට මොඩලයක් හදුන්වා දී තිබෙන බව. මේ උතුම් කාර්යය දියට ගහගෙන යන්න දෙන්න එපා.
පන්සල් ගානේ බඩ ගාගෙන ගිහින් හොරකමේ යුගයක් ඇති කරන්න.හොරකම් නොකරන අය මරලා දාන්න. භීෂණයේ යුගයක් ඇති කරන්න ඉඩ දෙන්න එපා’ යයිද ඇය එහිදී කියා සිටියාය.
No comments:
Post a Comment