ලක් සිසුවෙක් ඒඩ්ස්වලට බෙහෙතක් හදයි…
May 26, 2015 at 8:40 am | lanka C news
රටවල් 41ක සහභාගිත්වයෙන් පැවැත්වූ අන්තර්ජාතික විද්‍යා පර්යේෂකයන්ගේ
ඔලිම්පියාඩ් තරගාවලියට කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත දිල්ෂාන් මාලේවන
ශිෂ්‍යයා ඉදිරිපත් කළ මාරාන්තික ඒඩ්ස් රෝගය සඳහා වන ඔෟෂධයට දකුණු ආසියා
කලාපයේ පළමුවරට රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට හැකිවිය. එසේම ජලයේ ඇති
බැරලෝහ ඉවත් කිරීමට ජලයේම තිබෙන දිලීර වර්ධනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්
තවත් නාලන්දියකු වන රනංජය සුභාෂ් සිසුවාටත් එම තරගයේදී තවත් රන් පදක්කමක්
හිමි විය.මෙවන් තරගයකදී දකුණු ආසියාතික රටක් ලබාගත් පළමු රන් පදක්කම මෙය වනවා සේම එකම රටක් රන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාවද මෙය වේ.
මේ ඔලිම්පියාඩ් තරගය සඳහා රටවල් 41ක් නියෝජනය කරමින් භෞතික විද්‍යා, රසායනික විද්‍යා, ජීව විද්‍යා, පාරිසරික සහ තාක්ෂණ යන අංශ සඳහා ව්‍යාපාති 183ක් ඉදිරිපත් කර තිබිණි.
තරගයට ඉදිරිපත් කළ ව්‍යාපෘති 183 වෙනුවෙන් රන් පදක්කම් 4ක් ලබාදුන් අතර ඉන් දෙකක් නාලන්දියන් ලබා ගනිද්දී ඉතිරි රන් පදක්කම් දෙක ඉන්දුනීසියාව සහ බෙලරූස් රාජ්‍යයන් විසින් හිමිකර ගන්නා ලදී.
ඒඩ්ස් රෝගය වෙනුවෙන් ඉලක්ක ගත ඔෟෂධයක් නිෂ්පාදනය කළ රඛිත දිල්ෂාන් මාලේවනට ලෝක තරුණ විද්‍යාඥයන් වෙනුවෙන් පැවැත්වෙන සමුළුවට පැමිණෙන්නැයි බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් ආරාධනා කර තිබේ.
නාලන්දීයන්ගේ මේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් එහි විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා පැවැසුවේ නුවණින් සහ ගුණයෙන් පිරි ශේර්ෂ්ඨයන් ලොවට දායාද කිරීමේ තේමාවෙන් ක්‍රියාත්මක වන තම විදුහලට මෙන්ම රටටත් මෙවන් කීර්තියක් අත්කරදුන් මෙවන් දරුවන් මිල කළ නොහැකි සම්පත් බවය.
– මවුබිම
No comments:
Post a Comment