Monday, May 25, 2015

රනිල්ට එරෙහිව එජාප මැති ඇමතිවරු 07ක් විපක්‍ෂයට..

රනිල්ට එරෙහිව එජාප මැති ඇමතිවරු 07ක් විපක්‍ෂයට.. ආණ්‌ඩුවේ සිටින එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් 07 දෙනකු ළඟදීම විපක්‍ෂයට එක්‌වීමට නියමිතය.
මෙම මැති ඇමැතිවරුන් විපක්‍ෂයට එක්‌කර ගැනීම සඳහා මේ වන විට මූලික සාකච්ඡා වට දෙකක්‌ පවත්වා ඇතැයි හිටපු ඇමැති ටී. බී. ඒකනායකමහතා  පැවැසීය.
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය නිසා දැඩි කලකිරීමට පත්ව සිටින මෙම පිරිස තවදුරටත් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියහොත් පක්‍ෂයට හා රටට විශාල ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බව පවසන බව ඒකනායක මහතා පැවැසීය.
වත්මන් ආණ්‌ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධුර ලබන කිහිපදෙනකුද මේ පිරිස අතර සිටින බව කී ඇමැතිවරයා ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු විය හැකි බැවින් අවසන් මොහොත දක්‌වාම නම් හෙළි කිරීමෙන් වැළකී සිටින බවද කීය.
විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද මෙම සාකච්ඡාවට එක්‌ව සිටින නිසා සාකච්ඡා සාර්ථක වුවහොත් මහ මැතිවරණයට පෙර ඔවුන් විපක්‍ෂයට එක්‌වනු ඇති බවද හෙතෙම අනාවරණය කළේය.
– දිවයින

No comments:

Post a Comment