මහින්ද දිනවන මගේ ටීම් එක මෙන්න – වෙල්ගම කළුතර ලයිස්තුව හෙළි කරයි..
May 25, 2015 at 10:40 am | lanka C news
මීළඟ මහා මැතිවරණයෙන් දැනට ඉන්න නායකයන් සහ හිටපු නායකයන් අතරින්
ඉහලින්ම ඉන්න නායකයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව අපි මේ රටේ
අගමැති කරවනවමයි.අපේ අගමැති අපේක්ෂකයා ඔහු තමයි.ඒ සඳහා මේ මැතිවරණ සටනට අපි
කළුතරට හොඳ ටීම් එකක් දානවා.යයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
කුමාර වෙල්ගම මහතා ඊයේ 24 අලුත්ගම නගර ශාලාවේදී පැවති රැස්වීමකදී පැවසීය .මහින්ද රාජපක්ස මහතා මීළඟ මැතිවරණයෙන් අගමැති කිරීමේ සටනේ කලයුත්තේ කුමක්ද මැයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පියල් නිශාන්ත මහතා විසින් බේරුවල ශ්‍රී.ල.නි.ප.ඇතුළු සන්ධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විණි.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ වෙල්ගම මහතා ඉදිරි මහා මැතිවරනේදී ඔහු සමග මහින්ද දිනවන සටනට තම කණ්ඩායමෙන් ඉදිරිපත්වෙන අපේක්ෂකයන් පිළිබඳවද මෙසේ ඉඟි පල කළේය.එහෙත් ඉදිරිපත්වෙන පක්ෂය කුමක්දැයි කීවේ නැත.
මේ ටීම් එකේ ආසන මට්ටමින් කළුතරින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ,බුලත්සින්හලින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මල කොතලාවල ,හොරණින් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ,අගලවත්තෙන් හෝ මතුගමින් කුමාර වෙල්ගම වන තමාද ,පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජගත් අංගගේ -පානදුරෙන් ,පියල් නිශාන්ත- බේරුවලින්. ලලිත් එල්ලාවල -බණ්ඩාරගමින් , යසපාල කෝරලගේ -හොරණින් මෙන්ම ,තම කණ්ඩායමට ජා.නි.පෙ.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ,වලල්ලාවිට හිටපු සභාපති උදේනි අතුකෝරල ,සහ බුලත්සිංහල වැලි මන්ජුවා ඇතුළු තවත් අය වශයෙන් මැතිවරණයට මහින්ද දිනවීමට එක්වී කළුතරින් වැඩි ආසන ගණනක් දිනා ගන්නවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස ,බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,බස්නාහිර පළාත් සභා සභා මන්ත්‍රීන් වන පියල් නිශාන්ත ,යසපාල කෝරලගේ ,ජගත් අංගගේ,ප්‍රසන්න සංජීව ,යන මහත්වරුද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ,මහතා සහ බස්නාහිර පළත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරිය මහත්මියද බේරුවල ප්‍රාදේශීය සභා හා නගර සභා හිටපු මන්ත්‍රීවරු පිරිසක්ද මෙම රැස්වීමට සහභාගී වුහ.
– බෙන්තොට ජේ.ඉඳුරුවගේ
No comments:
Post a Comment