Monday, May 25, 2015

මෛත‍්‍රී කැඳවූ ශ‍්‍රීලනිප නීතීඥ හමුවට කිසිවෙක් නෑ.. අපි මහින්දටයි කියා දිස්ත‍්‍රික්ක පිටින් කියා එවති..

මෛත‍්‍රී කැඳවූ ශ‍්‍රීලනිප නීතීඥ හමුවට කිසිවෙක් නෑ.. අපි මහින්දටයි කියා දිස්ත‍්‍රික්ක පිටින් කියා එවති.. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ තිබූ ශ‍්‍රිලනිප නීතීඥයින්ගේ හමුව මුළුමනින්ම අසාර්ථක වී තිබේ.
1500ක පමණ පිරිසකට මුලින් ආරාධනා පත් යවා තිබුණද දින කිහිපයකට පසු එය 600ක් දක්වා අඩු කර ඇත්තේ ප‍්‍රමාණවත් නීතීඥයින් පිරිසක් සහභාගී වීම සනාථ කර නොතිබු නිසාවෙනි.
අවසානයේ ඊයේ දිනයේ වන විටත් සහභාගී වන පිරිස ඉතා අඩු ගණනක් වීම හේතුවෙන් තීරණය කර ඇත්තේ හමුව අවලංගු කර දැමීමටයි.
ඇතැම් දිස්ත‍්‍රික්කවල ශ‍්‍රිලනිප නීතීඥ සංගම් දන්වා ඇත්තේ මහින්ද රාජපක්‍ෂගේ හමුවලට මිස වෙනත් හමුවලට තමන් සහභාගී නොවන බවයි.
මෙම හමුව සඳහා රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද සූදානම් කර තිබින.

No comments:

Post a Comment