ඊටත් වඩා දරුණු කුණුහරුප තිබුණා නම් රනිල්ට ඒවයිනුත් බනිනවා..
May 25, 2015 at 12:00 pm | lanka C news
පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව දැඩි
ලෙෂ බැනවැදීම ගැන කිසිසේත්ම කණගාටු නොවන බවත් ඊටත් වඩා තද වචන තිබුණේ නම්
ඒවාද පාවිච්චි කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා
පවසයි.මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ අගමැති නොව දෙවියන් වහන්සේ වුවද පාර්ලිමේන්තු රීති, සම්ප‍්‍රදායන්ට ගරු කළ යුතු බවයි.
‘සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවෙ එවැනි දේවල් වෙනවා. මං එවෙලේ ඉතාමත් ප‍්‍රබල කෝපයකින් කේන්තියෙන්,ආවේගයෙන් කතා කළේ.
ඒ ප‍්‍රකාශය ගැන කිසිකලෙක කනගාටු වෙන්නේ නෑ.මා ඒ අවස්ථාවේදී කිව්වේ පරුෂ වචන නෙමේ, ඔහුට පහර ගැසීමට කටයුතු කළ යුතු තදබල වචනයි මම පාවිච්චි කළේ. ඊටත් වඩා තද වචන තිබුණා නම් ඒවත් පාවිච්චි කරනවා.
ඔහු ඒ විදියට හැසිරුණේ. කතා කරන්න මටයි තිබුණේ අයිතිය. මටයි අවසර දුන්නේ කථානායක රීති ප‍්‍රශ්නය මතු කරන්න. එයා බලහත්කාරයෙන් මාව වාඩි කරන්න හැදුවා. ඒ වගේ එයාට කියන්න වචන නැහැනේ.
අගමැති නොවෙයි දෙවියන් වහන්සේ වුණත් පාර්ලිමේන්තුවේ රීතිවලට,සම්ප‍්‍රදායන්ට අනුව වැඩ කරන්න ඕනේ. එයා අලි ඔළුවෙන්නේ වැඩ කරන්න හදන්නේ. කීපාරක් නම් මන්ත‍්‍රීවරුන්ට ඒක කළාද? මම බලාගෙන ඉදලයි අන්තිමට එහෙම කතා කළේ.
ඊට පස්සෙත් අගමැති මට මුණගැහුණා. අපි එකිනෙකා සමග සුහදව කතා කරන්නේ නෑනේ. අවශ්‍ය වුණොත් රාජකාරි කටයුත්තකට කතා කරනවා’ යයිද මන්ත‍්‍රිවයා කියා සිටියේය.
No comments:
Post a Comment