මා කිසි පක්‍ෂයට ගැතිකම් කරන්නේ නෑ..
May 25, 2015 at 11:20 am | lanka C news
තමන් ජනාධිපතිවරයා ලෙස කිසිම දේශපාලන පක්‍ෂයකට ගැති නොවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.පොලොන්නරුවේ පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලන පක්ෂ වලට ජනතාව බෙදී වෙන්ව සිටි යුගය අවසන් කරන බවයි.
පසුගිය වසර 67 පුරාම දේශපාලන නායකයින් පක්ෂ වලට බෙදී කටයුතු කිරීම නිසා යහපත් මෙන්ම අයහපත් ප‍්‍රතිඑල ද අත්වූ බවද කී ඔහු පක්ෂ භේදය තුළ ගම් මෙන්ම නගර ද බෙදී කටයුතු කළ යුගය වහාම අවසන් කළ යුතු බවද කියා සිටියේය.
16,598 Viewers
No comments:
Post a Comment